රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති කාලයේ පොතක පිටුවක් පෙරලන්න කෝටි 7,542යි..!

රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති කාලයේ පොතක පිටුවක් පෙරලන්න කෝටි 7,542යි..!

රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති ධුරය දරමින් මුදල් ඇමති ලෙස ද කටයුතු කරන අතර වාර්ෂික ගිණුම් පියවීමේදී පිටුවක් පෙරලන විට රුපියල් කෝටි 7,542ක් අතුරුදහන්වීම පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.

විගණකාධිපති වාර්තාවකින් හෙළි කර තිබෙන්නේ 2022 දෙසැම්බර් 31 දින ගිණුම් පියවා රජයේ මුල්‍ය නොවන වත්කම් ශේෂය ඉදිරියට ගෙන යාමේදී රුපියල් කෝටි 209,329ක් වී තිබූ බව ය. එය 2023 ජනවාරි 01 දින ඉදිරියට ගෙන ආ ශේෂය ලෙස සටහන් කර ඇත්තේ රුපියල් කෝටි 201,787ක් ලෙසිනි.

ගිණුම්කරණ ක්‍රියාවලියේදී හිතාමාතාම මේ ලෙස දත්ත වෙනස් නොකළේ නම් මෙවැන්නක් කිසිසේත්ම සිදු විය නොහැකි බව ගිණුම් කටයුතු පිළිබඳව වෘත්තිකයන්ගේ මතය වී තිබේ.

මේ අනුව, ගිණුම් පොත්වල පිටුවක් පෙරලන විට රුපියල් කෝටි 7,542ක වෙනසක් සිදු කිරීම සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනිය හෙළි කළ තොරතුරු පහතින් දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්