දේශපාලඥයන් ඇතුළු චෞර වළල්ල පසුගිය කාලයේ සිදු කරන ලද සුඛෝපභෝගී මෝටර් රට ජාවාරම් සම්බන්ධයෙන් සජිත් පිලේ නීතිඥ සුජීව සේනසිංහ ද දැඩි ප්‍රශ්න කිරීමකට ලක් කර තිබේ.
පානදුර වලාන දූෂණ මර්දන පොලිස් කොට්ඨාසය විසින් ඔහු සන්තකයේ තිබී පරීක්ෂණ සඳහා ලබා ගත් මෝටර් රථය 2010 වසරේදී මෙරටට ගෙන්වා 2022 ලියා පදිංචි කර ඇති බව මේ වනවිට සොයා ගෙන ඇත. එය සුජීව සේනසිංහ බාරේ තිබීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම මේ වනවිට රස පරීක්ෂකවරයා දක්වා ගෙන ගොස් ඇත.
සත්‍ය වශයෙන් ම නීති විරෝධී සුඛෝපභෝගී වාහන පරිහරණය කරන ලද පිරිස් සම්බන්ධයෙන් ගෙන යන විමර්ශන නොමග යැවීම සඳහා ඇතැම් පරීක්ෂණ කණ්ඩායම් හදිසියේ ක්‍රියා කරන්නේ දැයි බලවත් සැකයක් ද මේ වනවිට මතු වී තිබේ. සුජීව සේනසිංහ සම්බන්ධ පරීක්ෂණවලදී රංගනයේ යෙදෙනේනේ වලාන දූෂණ මර්දන ඒකකය ද, නැතිනම් සුජීව සේනසිංහ ද යන්න බොහෝ දෙනෙකුගේ ප්‍රශ්න කිරීමට ලක් වී තිබේ. බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් “ඇත්ත නැත්ත“ යනුවෙන් පොත් පිංචක් පළ කළ සුජීව සේනසිංහගේ අතීත ක්‍රියාකාරීත්වය ද මේ මොහොතේ බොහෝ දෙනාගේ අවධානයට යොමු වී තිබේ.










