මෙම වසරේ හතරවැනි කාර්තුව එනම් 2026 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලසීමාව සඳහා විදුලි ගාස්තු වැඩි කිරීමක් අවශ්‍ය නොවන බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම (NSO) අද (05) පැවැති 2026 වර්ෂයේ සිව්වන කාර්තුව සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ පාර්ශ්ව කරුවන්ගේ උපදේශන සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබේ.
ජලාශවල පවතින ජල සංචිත මට්ටම් සහ එල්නිනෝ (El Niño) කාලගුණික තත්වයන් යටතේ පුරෝකථනය කර ඇති සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ වර්ෂාපතනයක් ලැබීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටී.
මෙම වසරේ අවසන් කාර්තුව සඳහා 2.88%කින් විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදුකරන ලෙස ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම විසින් මීට පෙර මහජන උපයෝගීතා කොමිසම වෙත ඉල්ලීමක් කර තිබුණු අතර අදාළ ඉල්ලීම පිළිබඳව සිදුකළ සමාලෝචනයට අනුව 1.46%කින් විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම පෙරදී යෝජනා කර තිබිණි.










