මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ සමයේ ශරීර සුවතා සඳහා ගමන් කරන මාර්ගයේ කපුටු වසුරු ඉවත් කර ශුද්ෂ පවිත්ර කිරීම හමුදාවට බාර කර තිබූ බව හෙළි වේ.
මේ බව හෙළි වන්නේ, මාහාචාර්ය සරත් කොටගම සමග ගැමුණු ජයන්ත වන්නිනායක ඔහුගේ යූටියුබ් අඩවිය වෙනුවෙන් පවත්වන සාකච්ඡා මාලාවේදීය.
මහාචාර්ය සරත් කොටගම හෙළි කළේ හුණුපිටිය ගංගාරාමය ආසන්නයේ ඇවිදීමේ මංතීරුව දෙපස තිබෙන විශාල ගස් කපා ඉවත් කිරීමට ආරක්ෂක අංශ තමන්ගෙන් උපදෙස් පැතූ බවය. එම ගස්වල වසා සිටින කපුටන් මල පහ කිරීමෙන් ඇති වන තත්වය එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ශරී සුවතා සඳහා බාධාවන බවය. එහෙත් එම ගස් කපා ඉවත් කිරීම වෙනුවට තමන්ගේ මැද්හත්වීම මත කපුටන් ගැල සිටින අතු පමණක් ඉවත් කර ශාක ආරක්ෂා කිරිමට හැකි වූ බව ඔහු පැවසීය.
එම සාකච්ඡාව ඇතුළත් වීඩියෝව පහත පල වේ.
Views: 367










