2026 වර්ෂය දේශගුණික විපර්යාස මගින් විස්තාරණය වූ වසරක් ලෙස පෙන්වා දෙමින් එජා සංවිධානය අනතුරු හඟවන්නේ එල්නිනෝ හේතුවෙන් ලොව ආහාර මිල 18% කින් ඉහල යා හැකි බවය. ගෝලීය දේශගුණික පද්ධතිය පෙර නොවූ විරු ලෙස එල් නිනෝවක බලපෑම යටතේ තීරණාත්මක අවධියකට පිවිසෙමින් පවතින බවට ද අවධාරණය කර සිටි. ගිම්හානයේදී යුරෝපය දරුණු නියඟයකින් සහ බොහෝ ලැව්ගිනිවලින් පීඩා විඳි අතර, මෙම ද්විත්ව සංසිද්ධියේ ප්‍රතිවිපාක හේතුවෙන් ඔක්තෝබර් 31 වන දින බොලිවියාවේ ජනාධිපති රොඩ්රිගෝ පාස් රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. එල් නිනෝ හේතුවෙන් දැඩිව පීඩා විඳින ලතින් ඇමරිකානු රටවල් එය “සුපිරි එල් නිනෝ” තත්වයක් ලෙස ද හඳුනා ගෙන ඇත.
මේ අතර, ඉන්දුනීසියාව ද විනාශකාරී ලැව්ගිනි අත්විඳිමින් සිටින අතර, එය සැප්තැම්බර් මාසයේදී පමණක් වායු දූෂණය හේතුවෙන් පුද්ගලයින් 3,560 කට වැඩි පිරිසකගේ මරණ වාර්තා විණි. මෙම නව සංසිද්ධින් තේරුම් ගැනීම සඳහා ලොව පුරා පරිසර පර්යේෂකයන් එය අධ්‍යයනය කරමින් සිටී. ඒ අනුව පැසිෆික් සාගරයේ ගැඹුර මෙන්ම ඉන්දුනීසියාවේ ලැව්ගිනි සහ බොලිවියාවේ හදිසි තත්වය පිළිබඳව ඔවුන් ගැඹුරින් අධ්‍යයනය කරමින් සිටි.
ලතින් ඇමරිකාවේ, නියඟය, ඩෙංගු උණ සහ ගංවතුර අවදානම හේතුවෙන් එම කලාපයේ රටවල් එල් නිනෝ නිසා දැඩි ලෙස පීඩාවට පත්වෙමින් පවතින අතර, එහි බලපෑම් දේශගුණික විපර්යාස මගින් ද උග්‍ර වෙමින් පවතී. බොලිවියාවේ, දෙපාර්තමේන්තු 9 න් 6 ක් ඓතිහාසික නියඟයන්ට මුහුණ දෙන අතර, පවුල් 78,000 කට එය ඍජුවම බලපා ඇත. ඒ සමඟම, රට ආන්තික කාලගුණික සිදුවීම්වලින් තර්ජනයට ලක්ව ඇති අතර, හිම කැට වැසි සහ ගංවතුර අවදානමක් ද ඇත.
බොලිවියාවේ ජනාධිපතිවරයා තම රටේ ආර්ථික සම්පත් සහ හදිසි ප්‍රතිචාර ඒකක වැඩි කිරීමට සහය දෙන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටි. මේ අතර පේරු හි උෂ්ණත්වය වේගයෙන් ඉහළ යමින් ඩෙංගු උණ පැතිරීම උග්‍ර කරමින් තිබෙන අතර එමඟින් පුද්ගලයින් 81 දෙනෙකු මිය ගිය බව ප්‍රංශ AFP වාර්තා කරයි. මෙම උෂ්ණත්වයන් සහ නියඟය රට විනාශ කරන හදිසි ගිනි වලට උත්ප්‍රේරක සපයන බව ද එම වාර්තා පෙන්වා දෙයි.
“2026-2027 එල් නිනෝ සිදුවීම මෙතෙක් වාර්තා වී ඇති වඩාත්ම තීව්ර එකක් වනු ඇතැයි අපේක්ෂා කරනවා”.
යයි මෙම දේශගුණික සංසිද්ධිය වසර 30 කට වැඩි කාලයක් පුරා අධ්‍යයනය කරමින් සිටින මොන්ටෙරේ බොක්ක සාගර විද්‍යා පර්යේෂණ ආයතනයේ (MBARI) ෆ්රැන්සිස්කෝ චාවේස් අනතුරු අඟවයි.
මොන්ටෙරේ බොක්කෙහි (කැලිෆෝනියාවේ, ඇමරිකා එක්සත් ජනපදය) මෙන්ම ගැඹුරු මුහුදේ, විද්‍යාඥයින් මෙම දේශගුණික සංසිද්ධිය සාගරවලට ඇති කරන බලපෑම අධ්‍යයනය කරමින් සිටින පරීක්ෂණ කණ්ඩායමක් වේ. 2026 සැප්තැම්බර් මාසයේදී, මෙම විද්‍යාඥයින් පිරිස මොන්ටෙරේ බොක්කෙහි ආන්තික එල් නිනෝ සිදුවීමක පළමු සලකුණු අනාවරණය කර ගත්හ. ඔවුන් වාර්තාගත උෂ්ණත්වයක් නිරීක්ෂණය කළ අතර, එය වසර 40 කට ආසන්න කාලයක් තුළ ඇතිවූ ඉහළම අගය ලෙස සලකයි.
මෙම සංසිද්ධිය මැනීම සඳහා, පර්යේෂකයන් සමක පැසිෆික් සාගරයේ පාවෙන මාපක 500ක් මත සිදු වූ චලනයන් නිරීක්ෂණය කරන ලදී. මෙම ජාලයට ස්තූතිවන්ත වන්නට, ගැඹුරු සාගරයට අසාමාන්‍ය ලෙස විශාල උණුසුම් ජලය ගලා ඒමක් මැනීමට සහ සාමාන්‍යයෙන් දකුණින් දක්නට ලැබෙන උණුසුම් ජල විශේෂ නිරීක්ෂණය කිරීමට ද ඔවුන්ට හැකි විය. වඩාත් නිශ්චිතවම, කාබන් ඩයොක්සයිඩ් සහ නයිට්රේට් සාන්ද්රණයන්හි අඩුවීමක් ජලය තුල ඔවුන් නිරීක්ෂණය කළ අතර ඒවා ශක්තිමත් වන එල් නිනෝවක සලකුණු ලෙස අවසානයේ නිගමනය කළහ.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) ද ඇතිවිය හැකි නව සෘතුමය දේශගුණික අනාවැකි ද ප්‍රකාශයට පත් කර ඇත.
“වත්මන් එල් නිනෝ සංසිද්ධිය පෙර නොවූ විරූ තීව්‍රතාවයකින් යුක්ත විය හැකි බව පෙන්නුම් කරනව. ඔක්තෝබර් 26 වන දින ප්‍රකාශයට පත් කරන ලද ගෝලීය සෘතුමය දේශගුණික ප්රකාශනය අනාවැකි පළ කරන්නේ එල් නිනෝවේ කේන්ද්‍රස්ථානය වන නිවර්තන පැසිෆික් කලාපයේ මුහුදු මතුපිට උෂ්ණත්වය 3.8°C දක්වා ඉහළ යා හැකි බවයි” යයි ඔවුන් පෙන්වා දෙයි.
මෙම සංසිද්ධිය පරිසරයට පමණක් නොව ජනගහනයටද සෘජු ප්‍රතිවිපාක ඇති කරනු ලබයි. එල් නිනෝ උෂ්ණත්වය සහ වර්ෂාපතන මට්ටම් කඩාකප්පල් කරයි, සමහර කලාපවල දැඩි නියඟයක් සහ අනෙක් ප්‍රදේශවල ගංවතුර ඇති විය හැකිය. පේරු හි එල් නිනෝව හේතුවෙන් ඉහළ යන උෂ්ණත්වයන් සහ ලැව්ගිනි ඇති කර ඇති අතර, එමඟින් දැනටමත් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකුගේ ජීවිත බිලිගෙන තිබේ. එය 2026 දී තවත් මරණ 81 ක් ඇති කළ නිවර්තන රෝගයක් වන ඩෙංගු උණ ඉහල යාමටද ද හේතු වී තිබේ. චිලියේ අගනුවර වන සන්තියාගෝහි වාර්තා වූ වැඩිම තෙතමනය සහිත මාසය ඔක්තෝබර් මාසය ලෙස සඳහන් වී ඇත.
“අපි දැනටමත් ආන්තික කාලගුණික සිදුවීම් නිරීක්ෂණය කරමින් සිටින අතර එල් නිනෝ තීව්ර වන විට ඒවා වැඩි වී නිතර සිදුවනු ඇතැයි අපි අපේක්ෂා කරමු,” යයි ජාත්‍යන්තර කාල ගුණ විශේෂඥයින් සඳහන් කරයි.
ආන්තික කාලගුණික සිදුවීම් අතර, ඉන්දුනීසියාව මාස දෙකකට වැඩි කාලයක් විනාශකාරී ලැව්ගිනි සමඟ සටන් කරමින් සිටී. ඉන්දුනීසියාව ඉතා තීව්ර එල් නිනෝවක ප්‍රතිවිපාකවලට ගොදුරු වෙමින් සිටින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස උණුසුම් සහ “ගිනි ඇතිවීමට හිතකර වියළි දේශගුණයක්.” වන කළමනාකරණ පිළිවෙත් වැනි අනෙකුත් සාධක ද දායක වේ. සමස්තයක් වශයෙන්, වසරේ මුල් මාස නවය තුළ හෙක්ටයාර මිලියන 1.9 කට වඩා වනාන්තර එරට දැවී ගොස් ඇත.
ඉන්දියාවේ ප්රචණ්ඩ සුළං සහ ධාරානිපාත වර්ෂාව සමඟ ඇති වූ අර්නාබ් සුළි කුණාටුව ඔක්තෝබර් 28 වන බදාදා උදෑසන වෙරළ තීරය හරහා හමා ගිය අතර, තිදෙනෙකු මිය ගොස් 100,000 කට ආසන්න පිරිසක් ඉවත් කිරීමට සිදු වී තිබේ. ඉන්පසු අර්නාබ් සුළි කුණාටුව නේපාලයට සංක්‍රමණය වූ අතර, ඉහළ හිමාලයානු ප්‍රදේශවලට දැඩි හිම පතනයක් සහ සෙනසුරාදා දක්වා පැවති ධාරානිපාත වර්ෂාවක් ගෙන ආවේය. බෙංගාල බොක්කෙහි සහ උතුරු ඉන්දියානු සාගරයේ සුළි කුණාටු පුනරාවර්තන දැඩි තර්ජනයක් එල්ල කරනු ලබයි. මෙම වසරේ අවසානය වන විට කුණාටු සමය විශේෂයෙන් තීව්ර වන අතර බලගතු එල් නිනෝ කාලගුණ සංසිද්ධි හේතුවෙන් උග්‍ර වීමට නියමිතය.
බොලිවියානු ජනාධිපති රොඩ්රිගෝ පාස් ඔක්තෝබර් 31 වන සෙනසුරාදා බොලිවියාවේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ බව නිවේදනය කළේ එරට ඇතැම් කලාප වල සමහර පවුල් ජල හිඟයෙන් සහ පශු සම්පත් සඳහා ආහාර හිඟයෙන් පීඩා විඳිම හේතුවෙනි. බොලිවියානු ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, නියඟය දැනට එරට දිස්ත්‍රික්ක නවයෙන් හයක පවුල් 78,000 කට වැඩි ගණනකට බලපා ඇත. එය පශු සම්පත්, සතුන් 75,000 කට වැඩි සංඛ්‍යාවක් ද අහිමි වීමට ද හේතු වී තිබේ.
අසල්වැසි රටවල, එල් නිනෝ ගංවතුර සහ නායයෑම් පිළිබඳ බියක් ඇති කර ඇත. ප්‍රංශ ගයනාවේ, ඓතිහාසික නියඟය පානීය ජලය සහ භාණ්ඩ සැපයුමට ප්‍රවේශ වීමට තර්ජනය කරනු ලබන බව වාර්තා වේ. මෙක්ෂිකොවේ කුණාටු තත්වයක් උද්ගත වී ඇත. එල් නිනෝ හේතුවෙන් ඉන්දියාවේ සහ නේපාලයේ ධාරානිපාත වර්ෂාව සහ දකුණු ඇමරිකාවේ ඇති වී තිබෙන විනාශකාරී නියඟය හේතුවෙන් සහල් සහ කෝපි අස්වැන්නට දැඩි තර්ජනයක් වන තරමට ලෝක බැංකුව පවසන්නේ ලබන වසර වන විට ආහාර මිල 18% කින් ඉහළ යනු ඇති බවයි. ඉදිරි මාස හය තුළ එල් නිනෝ හේතුවෙන් හා ආහාර හිඟය හේතුවෙන් තවත් මරණ 373,000 කට ආසන්න සංඛ්‍යාවක් සිදුවිය හැකි බවට ද ලෝක බැංකු වාර්තාව අනතුරු හඟවයි.
එල් නිනෝ හේතුවෙන් කෝපි, කොකෝවා, සහල්, තිරිඟු වලට හානි සිදු විය හැක. එය ජනතාව ජිවත් වෙන කලාපයන් මත රඳා පවතී ලෝක ආහාර සංවිධානය පවසා සිටි.
“නමුත් ආහාර සුරක්ෂිතතා දෘෂ්ටිකෝණයකින්, වඩාත්ම අවධානයට ලක්වන භෝග වන්නේ අවදානමට ලක්විය හැකි රටවල ජනගහනය විසින් පරිභෝජනය කරන කැලරි වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන ආහාර හා ප්‍රධාන ආහාර ලෙස භාවිතා භෝග මත රඳා පවතිනවා. එල් නිනෝ විශේෂයෙන් වර්ෂාපතනය අඩු කරන ප්‍රදේශවල සහල් වලට ඍජුවම බලපානව. විශේෂයෙන් ආසියාවේ එය වගාවන් සහ අස්වැන්න සීමා කළ හැකිය. මෙක්සිකෝව, මධ්‍යම ඇමරිකාව සහ දකුණු අප්‍රිකාවේ අත්‍යවශ්‍ය බඩ ඉරිඟු සහ බෝංචි ද නියඟයේ වැඩි අවදානමකට ලක් වෙන්න පුළුවන්”.
යයි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මැක්සිමෝ ටොරේරෝ ප්‍රංශ AFP වෙත පවසා සිටි.
මේ අතර නැගෙනහිර අප්‍රිකාවේ ඉතා වැදගත් වන සහ ජල හිඟයට වඩා ප්‍රතිරෝධී වන බඩ ඉරිඟු සහ මෙනේරි පවා දිගුකාලීන වර්ෂාපතන හිඟයකින් පීඩා විඳිය හැකි බව ලෝක ආහාර සංවිධානය තව දුරටත් (FAO) සඳහන් කරන අතර, තිරිඟු අස්වැන්නට අක්‍රමවත් වර්ෂාපතන රටා මගින් ද බලපෑම් එල්ල විය හැකි බව පෙන්වා දේ. ප්‍රධාන ධාන්‍ය වර්ග වන – තිරිඟු, සහල්, බඩ ඉරිඟු ආදියේ – ගෝලීය මිල ගණන් වලට කම්පනයක් ඇති කළ හැකි අතර ආනයනය මත යැපෙන රටවල වියදම් අහස උසට නැගීමට හේතු විය හැක. විශේෂයෙන් අපනයන භෝග ලෙස සැලකෙන විශේෂයෙන් කොකෝවා සහ කෝපි, අධික සහ ප්‍රමාණවත් නොවන වර්ෂාපතනය යන දෙකටම සංවේදී වන බව සමීපව නිරීක්ෂණය කරයි. නමුත් අතිරික්ත වර්ෂාපතනය එම භෝග වලට රෝග ප්‍රවර්ධනය ඉහල යාම් සිදු කරන අතර ප්‍රමාණවත් නොවන වර්ෂාපතනය ගුණාත්මකභාවය සහ පරිමාවට අහිතකර ලෙස බලපායි.
ඒ අනුව ලෝක ආහාර සංවිධානය අවධාරණය කරනුයේ එල් නිනෝ බලපෑමෙන් දේශීය ගොවීන්ගේ ආදායමට සහ ආහාර නිෂ්පාදන සිදු කරන රටවල විදේශ විනිමය ඉපැයීම්වලට බලපෑම් ඇති වීමෙන් ගෝලීය ආහාර මිල අධික ලෙස ඉහළ යාමට හේතුවනු ඇත.
එල් නිනෝ යනු පැසිෆික් සාගරයේ ස්වභාවික දේශගුණික සංසිද්ධියක් වන අතර එය සෑම වසර දෙකේ සිට හත දක්වා නැවත නැවතත් සිදු වේ. නමුත් එල්නිනෝ දේශගුණික විපර්යාසවල බලපෑම් තවත් උග්‍ර කරයි. එය සාමාන්‍යයෙන් යුරෝපයේ කාලගුණයට බලපෑමක් සිදු කරනු ලබනු නැතත්, මෙම වසරේ එහි සුවිශේෂී තීව්‍රතාවය අත්ලාන්තික් සාගරයේ ප්‍රතිවිපාක ඇති කළ හැකි බවටත් ඇතැම් දේශගුණික වාර්තා පෙන්වා දෙයි.












