අල්ලස් දැලට හසු වූ විදුහල්පතිනිය රක්ෂිත බන්ධනාගාරයට

අල්ලස් දැලට හසු වූ විදුහල්පතිනිය රක්ෂිත බන්ධනාගාරයට

2025 පළමු වසර සඳහා දරුවකු ඇතුළත් කිරීමට රුපියල් එක්ලක්ෂ පනස් දහසක (රු. 150,000) අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් කැළණිය කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (08) නියෝග කර තිබේ.

සැකකාරිය අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඇය අල්ලස් මුදල ලබාගෙන ඇත්තේ, රාගම මත්තුමග පදිංචි දරුවකු පාසලට ඇතුළත් කිරීම සඳහාය.

විදුහල්පතිනිය කිසිසේත් අල්ලස් නොගත් ලබා නොගත් බවත්, විදුහල්පතිනියගේ මේසේ මත පිහිටි මල්වාස් එකට පැමිණිලිකාරිය විසින් මුදල් දමා ඇති බවත් විදුහල්පතිනිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.

Facebook
Twitter
LinkedIn