රනිල්ගේ මල්ලීටත් නඩුවක්

රනිල්ගේ මල්ලීටත් නඩුවක්

පසුගිය ජනාධිපතිවරණයට අදාළව වියදම් වාර්තා සම්පූර්ණයෙන් නොදීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහගේ සහෝදරයා වන චන්න ලලිත් වික්‍රමසිංහට එරෙහිව නඩු පැවරීමට මැතිවරණ කොමිසම කටයුතු කරමින් සිටී.

ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නේ ජනාධිපතිවරණය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහගේ නම යෝජනා කළ පුද්ගලයා ඔහුගේ සොහොයුරා චන්න ලලිත් වික්‍රමසිංහ විසිනි. එම නිසා නියමිත දිනයට ආදායම් වියදම් වාර්තා නොදීම සම්බන්ධයෙන් චන්න ලලිත් වික්‍රමසිංහට නඩු පැවරීම කෙරෙහි මූලික කටයුතු සිදු කර ඇත.

ඔහුට අමතරව තවත් අපේක්ෂකයන් 13 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් වාර්තා කර ඇත.

Facebook
Twitter
LinkedIn