බිල්ලන්ට වැඩ වරදී

බිල්ලන්ට වැඩ වරදී

ජනතාව භීතියට පත් කරන ආකාරයේ බොරු ප්‍රචාර ගෙන යන්නන් පිළිබඳව පොලිසිය තොරතුරු රැස් කරමින් පවතින බව වාර්තා වේ.

ඊයේ (29) යාපනය චාවකච්චේරි අධිකරණයට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට දුරකතන ඇමතුම් ලබා දුන් පුද්ගලයෙකු සොයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. එමෙන් ම, කටුනායක ගුවන්තොටුපලට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම්ව සිටින බවට දුරකතන ඇමතුම් ලබා දුන් පුද්ගලයෙකු අත්තඩංගුවට ගෙන ඇත.

ඔහු වාරියපොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 67ක පුද්ගලයෙකි. පසුගිය 27 වෙනි දින මෙම පුද්ගලයා ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ කළමනාකරුට එම ව්‍යාජ තොරතුර ලබා දි ඇත.

මේ අකාරයට ව්‍යාජ ප්‍රචාර ගෙන යන්නන් සම්බන්ධයෙන් දැඩි විමර්ශන සිදු කරමින් පවතින බව පොලිස් ආරංචි මාර්ගවලින් තහවුරු වේ.

Facebook
Twitter
LinkedIn