සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

ආරක්ෂක අංශ නොමග යවමින් මෙරට සැගව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්තිඩිය, දෙහිවල ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 45ක් වන “මර්වින් ජානා” නොහොත් “බේකරි ජානා” නැමැති අනුවර්ත නාම්වලින් හඳුන්වන් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17, මිලි ග්‍රෑම් 60ක්ද සොයාගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා කාර් රථයකින් ගමන් කරමින් සිටියදී දෙහිවල පාර, බොරලැස්ගමුව ප්‍රදේශයේදීය.

Facebook
Twitter
LinkedIn