කොටස් වෙළෙඳපොළේ වේගවත් වර්ධනයක්

කොටස් වෙළෙඳපොළේ වේගවත් වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත මිල දර්ශකය ඊයේ (25) ඒකක 12,500 සීමාව ඉක්මවා යමින් වාර්තාගත ලෙස ඉහළ ගියේය.

මේ අනුව ඊයේ දින කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ සමස්ත මිල දර්ශකය ඒකක 12517.58ක් දක්වා ඒකක 44.08 කින් ඉහළ ගොස් ඇත.

මේ අතර කොටස් වෙළෙඳපොළේ S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඊයේ (25‍) දිනයේ ඒකක 3759.30 දක්වා ඒකක 39කින්ද ඉහළ ගොස් තිබේ.

ගනුදෙනු පිරිවැටුම ඊයේ දිනයේ රුපියල් බිලියන 4.75ක් ලෙස සටහන් විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත – දිවයින

Facebook
Twitter
LinkedIn