විදුලි බිල අඩු කිරීමේ යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට

විදුලි බිල අඩු කිරීමේ යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගීතා කොම්සමට ඉදිරිපත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එම කොමිසම මගින් අදාල යෝජනාවලිය සලකා බලා අනුමැතිය දීමෙන් පසුව විදුලි බිල අඩු කිරීමේ ප්‍රතිශතයන් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

විදුලි බිල අඩු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමට මෙම වසරේ යෝජනාවලියක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කළ තුන්වන අවස්ථාව ලෙසද මෙය සැලකේ.

Facebook
Twitter
LinkedIn