ඉදිරි අවුරුදු පහ තුළ දී මේ රටේ ජනතාවගේ ධෛර්ය වැඩි කරමින් රට නව පුනරුද යුගයකට නියත වශයෙන්ම ගෙන යනවා – ටී.බී සරත්

ඉදිරි අවුරුදු පහ තුළ දී මේ රටේ ජනතාවගේ ධෛර්ය වැඩි කරමින් රට නව පුනරුද යුගයකට නියත වශයෙන්ම ගෙන යනවා – ටී.බී සරත්

ඉදිරි අවුරුදු පහ තුළ දී මේ රටේ ජනතාවගේ ධෛර්ය වැඩි කරමින් රට නව පුනරුද යුගයකට නියත වශයෙන්ම ගෙන යන බව ජාතික ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක, ටී.බී සරත් අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ ජාතික ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරමින් ඊයේ (23) පැවති ජන රැලිය අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක, ටී.බී සරත්,

“පොළොන්නරුව දිස්ත්‍රික්කය ඩොලර් උල්පතක් කරගත හැකි සොබාදහමත්, පෞරාණික ශිෂ්ඨාචාරයත් එකට එක් වූ දිස්ත්‍රික්කයක්. එමෙන්ම සම්පත් ගණනාවකින් අනූන දිස්ත්‍රික්කයක්. ලංකාවේ පොහොසත්ම දිස්ත්‍රික්කය බවට පරිවර්තනය කළ හැකි වුවත්, අප දුප්පත් වී සිටින්නේ මෙතෙක් රට පාලනය කළ අයගේ වැරැදි ක්‍රියාමාර්ග නිසයි.

මේ දිස්ත්‍රික්කයේ ජනතාවගේ අධිෂ්ඨානශීලීත්වය, ශක්තිය සහ ධෛර්යය මේ මහා වැසි මැදත් ඒ අභියෝගය දරාගෙන අපිත් එක්ක ඉන්න එකෙන් පෙන්වනවා. මේ සියලු දෙනාට දිස්ත්‍රික්කය ගොඩනැඟීමේ ධෛර්ය, ශක්තිය සහ ප්‍රඥාව තිබෙනවා. ඉදිරි අවුරුදු පහ තුළදී මේ රටේ ජනතාවගේ ධෛර්යය වැඩි කරමින්, රට නව පුනරුද යුගයකට නියත වශයෙන්ම ගෙන යනවා. ඒ වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන්න අපේක්‍ෂකයන් අට දෙනෙක් ඉදිරිපත් කර සිටිනවා.

වෛද්‍යවරුන්, කවුඩුල්ල ව්‍යාපාරයේ ගොවි නායකයා ඒ වාගේම ගුරු නායකයන්, ජීව විද්‍යා ගුරුවරයන්, නීතිඥවරයෙක් ඇතුළු පිරිසක් පොළොන්නරුවේ ජනතාව නියෝජනය කරන්න අපි ඉදිරිපත් කර තිබෙනවා. මේ පිරිසට අභියෝග කළ හැකි කිසිවෙක් මේ දිස්ත්‍රික්කය තුළ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ මේ පාර්ලිමේන්තුව පිරිසිදු කරලා මාලිමාවෙන් පුරවන්න කියලා.”

Facebook
Twitter
LinkedIn