හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී, නීතිවිරෝධී ලෙස එකලස් කර ව්‍යාජ අංක තහඩු යොදා භාවිතා කළ BMW මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට සුළු මොහොතකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.
මෙම මෝටර් රථයට අදාළ බඳු ගෙවීම් පවා පැහැර හැර ඇති බවත් සොරාගන්නාලද ගරාජ් අංක තහඩුවක් මෙම රථයට යොදා තිබූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වූ බව මීට පෙර අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කර තිබිණි.
ඉන් පසු කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි විසින් පසුගිය 10 වනදා හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේස් ගමන් තහනමක්ද පනවන ලදී.
Views: 1










