ශ්‍රේෂ්ඨාධිකරණය රනිල් වගඋත්තරකාරයෙක් කරයි…

ශ්‍රේෂ්ඨාධිකරණය රනිල් වගඋත්තරකාරයෙක් කරයි…

සමාජවාදී තරුණ සංගමය විසින් 2022 වසරේ පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයකට පොලීසිය විසින් පහරදී විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අවසර ලබාදී තිබේ.

ඒ සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයින් පිරිසක් ගොනුකර තිබූ පෙත්සම් දෙකක් අද (22) කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතීඥවරුන් කළ ඉල්ලීමක් සලකාබැලීමෙන් අනතුරුවය.

Facebook
Twitter
LinkedIn