ඇය විෂමාචාර චෝදනා මත සේවයෙන් පහකර සිටි තැනැත්තියක්

ඇය විෂමාචාර චෝදනා මත සේවයෙන් පහකර සිටි තැනැත්තියක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජයිකි අල්විස් ප්‍රමුඛ කමිටුවක් පත්කර ගෙන ගිය දේශපාලන පළිගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව අද (22) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී තොරතුරු රැසක් හෙළිකරනු ලැබීය.

කැබිනට් ප්‍රකාශක ඇමති විජිත හේරත් වෙත මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙළි කරන ලද්දේ ජයිකි අල්විස්, රනිල් වික්‍රමසිංහ දේශපාලන උපකරණයක් ලෙස යොදා ගෙන ඇති බව ය. 1998 ජූලි 01 වෙනි දින ප්‍රාථමික අධිකරණ මහේස්ත්‍රාත්වරියක ලෙස පත් කරන ලද ඇය වසර දෙකක් යාමටත් පෙර විෂමාචාර හේතුවෙන් සේවයෙන් ඉවත් කර ඇති බව හෙළිකරනු ලැබීය.

නමුත් පසුව 2006 වසරේ ජූනි 01 වෙනි දින ප්‍රාථමික අධිකරණ විනිසුරුවරියක ලෙස නැවත සේවයට බඳවා ගෙන ඇති අතර පසුව මහාධිකරණ විනිසුරුවරියක දක්වා උසස්වීම් ලබා දී ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස පත් කිරීමට යෝජනා ඉදිරිපත් වූ අවස්ථාවේ ඊට අදාළව අධිකරණ සේවා කොමිෂන් සභාව ඉදිරිපත් කරන ලද වාර්තාවෙන් විෂමචාර හේතුවෙන් සේවයෙන් ඉවත් කර ඇති බව දක්වා ඇතැයි වැඩි දුරටත් හෙළිකරනු ලැබීය.

ඇයගේ ප්‍රධානත්වයෙන් ලබා දී තිබෙන කමිටු වාර්තාව මේ වනවිට උදය ගම්මන්පිල විසින් දේශපාලන අරමුණු සහිතව යොදා ගනිමින් ඇති බව ද, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නම් සඳහන් බොහෝ දෙනෙකු අත්හැර එම කමිටු වාර්තාවේ රවී සෙනෙවිරත්න හට පමණක් චෝදනා නැගීමෙන් එම කූට දේශපාලන අරමුණු හෙළිවන්නේ යැයි ද, ජයිකි ද අල්විස් නිරපරාදේ ඒ වෙනුවෙන් දේශපාලන උපකරණයක් ලෙස පාවිච්චි වී ඇති බව ද පැවසීය.

Facebook
Twitter
LinkedIn