සජිත් පිලේ නායකයන් බේරන්න පහළට දඬුවම් !

සජිත් පිලේ නායකයන් බේරන්න පහළට දඬුවම් !

පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස පරාජය වූයේ ආසන සංවිධායකයන් නිසි පරිදි ක්‍රියා නොකිරීම නිසා බවට චෝදනා කර සිටි සජිත් ප්‍රේමදාස නැවත වටයකින් ආසන සංවිධායකයන් වෙත පීඩනය එල්ල කර ඇති බව වාර්තා වේ.

නොවැම්බර් මස 14 වැනි දින පැවැත්වීමට නියමිත මහා මැතිවරණයේ දී ප්‍රගතියක් නොපෙන්වන ආසන සංවිධායකයන් එම තනතුරුවලින් ඉවත් කරන බවට දැනුම් දී ඇත. සජිත් ප්‍රේමදාසගේ න්‍යායාචාර්යවරයා ලෙස පෙනීසිටින ලක්‍ෂ්මන් ෆොන්සේකා විසින් ජනාධිපතිවරණයේ පරාජය සෘජුව ම ආසන සංවිධායකවරුන් වෙත පටවා තිබිණි.

එහෙත්, සත්‍ය වශයෙන් ම සිදු වී තිබෙන්නේ ජලනි ප්‍රේමදාස සහ ලක්‍ෂ්මන් ෆොන්සේකා යන දෙදෙනා සජිත් ප්‍රේමදාසව මෙහෙයැවීමෙන් සියලු කටයුතු බිඳවැටී ඇති බවයි.

Facebook
Twitter
LinkedIn