රනිල්ට අලි කුලප්පුවක් හැදිලා !

රනිල්ට අලි කුලප්පුවක් හැදිලා !

පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව නොමඟ යවන ප්‍රචාර වැඩි වශයෙන් ගෙන ගිය රනිල් වික්‍රමසිංහ මේ වනවිට නැවත වටයකින් එවැනිම උත්සාහයක් දරන බව හෙළි වී තිබේ.

ජාතික ජන බලවේගය යටතේ නැවත පෝලිම් යුගය ඇති වන බවත්, අසීරුවෙන් ගොඩනැඟූ ආර්ථිකය කඩාවැටෙන බවත්, ජාත්‍යන්තර සම්බන්ධතා බිඳවැටෙන බවත් ප්‍රධාන වශයෙන් ජනතාව බියපත් කිරීමට ගෙන ගිය ප්‍රචාර වේ. මෙම මහා මැතිවරණයේ දී වෙනත් උපක්‍රමයකට මාරු වෙමින්, පොරොන්දු ඉටු කිරීමට වහාම ක්‍රියා කරන ලෙස ආණ්ඩුවට බල කරන්නැයි දිස්ත්‍රික් අපේක්‍ෂකයන්ට දැනුම් දී තිබේ.

මේ වනවිට මහා මැතිවරණයේ දී ජනතාවට ඉදිරිපත් කිරීම සඳහා කරුණු කිසිවක් නොමැතිව සිටින පක්‍ෂ මේ ආකාරයට ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමට උත්සාහ දරමින් සිටී. රනිල් වික්‍රමසිංහ විශේෂයෙන්ම උපදෙස් දී තිබෙන්නේ විදුලිය ගාස්තු අඩු කිරීම, ඉන්ධන මිල අඩු කිරීම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ඉහළ පොළියක් ලබා දීම වැනි කරුණු දේශපාලන වේදිකාවේ දී රජයට එරෙහිව පාවිච්චි කරන ලෙස උපදෙස් දෙනු ලැබ තිබේ.

Facebook
Twitter
LinkedIn