සජිත් ඉවතට !

සජිත් ඉවතට !

සමඟි ජන සන්ධානයේ නායකත්වයෙන් සජිත් ප්‍රේමදාස ඉවත් කිරීමේ රහසිගත සාකච්ඡා කණ්ඩායම් කිහිපයක් විසින් අරඹනු ලැබ ඇති බව ප්‍රධාන පෙළේ මාධ්‍ය වාර්තා කිහිපයකින් හෙළි කර ඇත.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලින් පසුව එම සාකච්ඡා ආරම්භ කර ඇති බවත්, සමඟි ජන බලවේගයට අමතරව තවත් පක්‍ෂ කිහිපයකට නායකත්වය වෙනස් කිරීමට ක්‍රියා කරමින් සිටින බවත් එම වාර්තාවල දැක්වේ. විශේෂයෙන්ම මේ සම්බන්ධ ප්‍රමුඛ අවධානයක් ඊයේ (20) නිකුත් කළ ‘ලංකාදීප’ පුවත් පත ලබා දී තිබිණි.

මහා මැතිවරණය සඳහා නාමයෝජනා ලැයිස්තු පිළියෙළ කිරීමේ දී හට ගත් අභ්‍යන්තර ගැටුම් නිසා එම නායකත්වයන්ට එරෙහිව පවතින සැලැසුම් වර්ධනය වී ඇති බව එම ප්‍රවෘත්තියෙන් වැඩි දුරටත් දක්වා ඇත. අජිත් මාන්නප්පෙරුම, දමිතා අබේරත්න ප්‍රසිද්ධියේ නායකත්වය පවා විවේචනය කිරීමත්, අදාළ ප්‍රවෘත්තිය තහවුරු කිරීමට කරුණු ලෙස පෙන්වා දී තිබේ.

Facebook
Twitter
LinkedIn