ජාතික ජන බලවේගයේ රජය ස්ථාපිත කළ පසු ලබන වසර මැද භාගය වනවිට ආර්ථික අර්බුදයක් ඇති විට හැකි බවට පරාජිත කණ්ඩායම් විශාල ප්‍රචාරයක් ගෙන යමින් සිටී.
මේ වෙනුවෙන් ඉදිරිපත් කරන මූලික ම කරුණ වී තිබෙන්නේ ණය පොලිය ගෙවා ගැනීමට අසීරු වනු ඇති බව ය. විශේෂයේ ම, සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයින් කිහිප දෙනෙකු සහ ව්‍යවසායක දිලිත් ජයවීරගේ කණ්ඩායමේ පිරිසක් මේ අතර සිටී.
ජනාධිපති අනුර කුමාර දිසානායක ගෙවුණු මාසයකටත් අඩු කාලය තුළ දී අනවශ්‍ය වියදම් සියල්ල කපා හරිමින් ක්‍රමානුකූලව රාජ්‍ය වියදම් අඩු කර ගන්නා ආකාරය පිළිබඳව දැඩි විමර්ශනයකින් පසුවේ. එසේ තිබෙන අතර, පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ගනිමින් යළිත් වරක් බිල්ලන් මැවීමට මේ ලෙසින් උත්සාහ කරමින් සිටිති.
පසුගිය ආණ්ඩු කාලය තුළ ජාතික ජන බලවේගය ජනතාවට ප්‍රධාන වශයෙන් ම පෙන්වා දුන්නේ දූෂිත චෞර කල්ලිය යටතේ කිසිසේත් රට ගොඩ ගත නොහැකි බව ය.










