වැට් බදු මුදල් කොල්ලය සම්බන්ධයෙන් අර්ජුන් ඇලෝසියස් හට සිර දඬුවම් නියම කිරීම මගින් එවැනි මූල්‍ය අපරාධකරුවන් දැඩි කම්පනයකට පත් කිරීමට හේතු වී ඇති බව විචාරකයින් පෙන්වා දී තිබේ.
ඔවුන්ගේ පොදු මතය වී තිබෙන්නේ අධිකරණය ඔවුන් සීමාව තුළ දේශපාලන බලපෑම්වලින් තොරව නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට පටන් ගෙන තිබෙන බව ය. රට තුළ දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබෙන මූල්‍ය අපරාධ රැසක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීම පිළිබඳව ද එම විශ්ලේෂකයන්ගේ අවධානය යොමු වී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත් වී ගෙවී ගිය සති තුනක කාල සීමාව තුළ රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රබල ආයතන තමන්ගේ වපසරිය තුළ ස්වාධීනව මේ ලෙස කටයුතු කිරීම සාධනීය එළඹුමක් බව එම විශ්ලේෂකයන් වැඩි දුරටත් පෙන්වා දී ඇත.
Views: 0










