රාජපක්‍ෂලාට පයින් ගැසූ ෂෙහාන්ට අන්තිමේ ඇබැද්දියක් වෙලා !

රාජපක්‍ෂලාට පයින් ගැසූ ෂෙහාන්ට අන්තිමේ ඇබැද්දියක් වෙලා !

දැඩි රාජපක්‍ෂවාදියකු ලෙස කටයුතු කළ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ෂෙහාන් සේමසිංහ පසුව රනිල් වික්‍රමසිංහගේ සමීපතමයකු ලෙස ක්‍රියා කිරීමෙන් අන්ත අසරණභාවයකට පත් වී ඇති බව සනාථ වේ.

ඔහු ඊයේ (10දා) මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින්, ජනතාවට දොස් නඟා තිබිණි. ඒ තුළින් ඔහුගේ ඇති බංකොළොත්භාවයට වඩා ජනතාවට එරෙහිව ක්‍රියා කිරීමේ මානසිකත්වය පිළිබිඹු වන බව විචාරකයන් විසින් පෙන්වා දී තිබේ.

“මහත් පරිශ්‍රමයෙන් ගොඩනැඟූ ප්‍රතිපත්තිගරුක දේශපාලනය ජනතාව ප්‍රතික්‍ෂේප කිරීම සම්බන්ධයෙන් විශාල කම්පනයක් සහ කලකිරීමක් පවතිනවා” යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇත. මහ බැංකු බැඳුම්කර කොල්ලයට එරෙහිව රනිල් වික්‍රමසිංහ පරාජය කළ පොහොට්ටුව නියෝජනය කළ ඔහු ඉන් පසුව රාජපක්‍ෂලාට ප්‍රහාර එල්ල කරමින්, රනිල් වික්‍රමසිංහ සමඟ ම එක් වීම ඔහුගේ ප්‍රතිපත්තිගරුක දේශපාලනය බව විශ්ලේෂකයන් විසින් පෙන්වා දී තිබේ.

Facebook
Twitter
LinkedIn