හොරු ඇල්ලීම දැනටමත් සිදු කරලා !

හොරු ඇල්ලීම දැනටමත් සිදු කරලා !

නව ජනාධිපති, අනුර කුමාර දිසානායක බලයට පත් වී සති තුනක් ඉක්ම යාමටත් පෙර වංචනිකයන්ට සහ දූෂිතයන්ට එරෙහිව නෛතික ක්‍රියා මාර්ග ගැනීම විශාල ප්‍රචාරක ව්‍යාපෘතියකින් තොරව ආරම්භ කර ඇති බව තහවුරු වී තිබේ.

මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ ප්‍රබලම පුද්ගලයන් කිහිප දෙනා අතර සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු භාවිත කළ මෙරට තුළ දී ව්‍යාජ ලෙස එකලස් කළ අධි සුඛෝපභෝගී රථය වැටලීම එහි ආරම්භක පියවර වී ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මේ සම්බන්ධ මූලික නෛතික පියවරක් ලෙස අධිකරණය මඟින් ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කරනු ලැබී ය.

ඊට අමතරව හිටපු රාජ්‍ය ඇමැතිවරයකු වූ අනූප පැස්කුවල්ගේ ගිණුම් අත්හිටුවීමත් එම දූෂිතයන් වැටලීමේ ක්‍රියාමාර්ගයේ ම තවත් පියවරක් වී ඇතැයි විශ්ලේෂකයන් විසින් පෙන්වා දී තිබේ.

Facebook
Twitter
LinkedIn