තමන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩු ගණනාවක හිටපු කැබිනට් ඇමතිවරයෙකු වන බන්දුල ගුණවර්ධන පවසයි.
තමන් වසර 20කට වැඩි කාලයක් හෝමාගම මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නියෝජ්‍ය ඇමතිවරයෙකු කැබිනට් ඇමතිවරයෙකු ලෙස තනතුරු ගණනාවක් දරමින් කළ හැකි උපරිමයෙන් ජනතාව වෙනුවෙන් සේවය කළ බවද ඔහු පවසයි.
පාර්ලිමේන්තුව නියෝජනය සදහා මහජන නියෝජිතයකු නොමැතිව වසර ගණනාවක් අසරණව සිටි හෝමාගම මැතිවරණ කොට්ඨාසය ජනතාව වෙනුවෙන් එම නගරය දැනුමේ කේන්ද්‍රස්ථානයක් හෙවත් ප්‍රඥා බන්දු පුරවරයක් බවට පත්කරලීම සඳහා කළ හැකි සියල්ල සිදු කළ බවද ඒ පිළිබඳව තමන් සතුටු වන බවද ඔහු පවසයි.
2,029










