පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටි සියලු සිසුන්ට, කලින් පිටවූ බව කියන ප්‍රශ්න 03ට අදාලව සෑම දරුවෙකුටම සම්පූර්ණයෙන්ම ලකුණු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අගමැති, අධ්‍යාපන ඇමති හරිනී අමරසූරිය අදාල ගැටලුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ විශේෂඥ කමිටුවේ නිර්දේශ මතය.
විභාගය නැවත පැවැත්වුවහොත් ළමුන්ට යළි මානසික පීඩනයක් ඇති වීම ඇතුළු කරුණු කිහිපයක් එම නිර්දේශයේ දැක්වේ.
ඊට අදාළ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනය පහතින් දැක්වේ.
660










