E-Visa සැකසුම් ගාස්තුව $1.25ක් වෙයි

E-Visa සැකසුම් ගාස්තුව $1.25ක් වෙයි

ඩොලර් 25.77ක් දක්වා ඉහළ දමා තිබූ ශ්‍රී ලංකාවේ E-Visa සැකසුම් ගාස්තුව ඩොලර් 1.25 දක්වා අඩු කර තිබේ.

පසුගිය 26 වනදා මධ්‍යම රාත්‍රියේ සිට මෙරට වීසා නිකුත් කිරීමේ ගාස්තුව ඩොලර් 1.25ක් දක්වා අඩු කළ අතර එය මේ වනවිට දේශීය ක්‍රියාත්මක වන පද්ධතිය යටතේ ක්‍රියාත්මක වේ.

E-Visa සැකසුම් ගාස්තුව ඩොලර් 25.77ක් දක්වා ඉහළ දැමීමට පෙරද මෙම ගාස්තුව පැවතියේ දේශීය ක්‍රියාත්මක වන පද්ධතිය යටතේ වන අතර එය විදේශීය සමාගමට ලබාදී මෙලෙස ඉතා අධික මුදලක් අයකරගැනීමට සලස්වා තිබිණි.

කෙසේ වෙතත් දැන් එය යළි පෙර පැවති තත්වයටම පත් කර ඇත.

Facebook
Twitter
LinkedIn