ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස, ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම් විජේබණ්ඩාර පත් කර ඇත.
මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම් විජේබණ්ඩාර වෙත භාර දී තිබේ.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම් විජේබණ්ඩාර මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය හා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී (ගෞරව) උපාධිය ලබා ගෙන ඇත.
ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ හිටපු කථිකාචාර්යවරයකුද වේ.
632










