එක්සත්ජනපද ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායකට සුබ පතයි

එක්සත්ජනපද ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායකට සුබ පතයි

ඇමෙකරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, ශ්‍රී ලංකාවේ ජනතාව විසින් අභිනවයෙන් තෝරා පත් කර ගත් නව විධායක ජනාධිපති අනුර කුමාර දිසානායකට සුබ පැතුම් එක්කර තිබේ.

ඇමෙකරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්සිය “X” ගිණුවේ සටහනක් තබමින් මෙලෙස ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායකට සුබ පැතුම් එක් කර ඇති අතර එහි සඳහවන්නේ,

“ශ්‍රී ලංකා වාසීන් විසින් ඔබව ඔවුන්ගේ ජනාධිපතිවරයා ලෙස නිදහස්, සාධාරණ සහ සාමකාමී මැතිවරණයකින් තෝරාගෙන තිබේ. ඔවුන් ඉන් අභිමානයට පත්වන බව නොඅනුමානය.

ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍යය සඳහා ඔබ සමග කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.” යනුවෙනි.

Facebook
Twitter
LinkedIn