කැබිනට් මණ්ඩලය සූදානම් – පාර්ලිමේන්තුව පැය 36යි

කැබිනට් මණ්ඩලය සූදානම් – පාර්ලිමේන්තුව පැය 36යි

ජනාධිපති අනුර කුමාර දිසානායක සිව් දෙනෙකුගෙන් යුත් නව සීමිත කැබිනට් මණ්ඩලය ඉදිරි පැය කිහිපය තුළ පිහිටුවීමට සූදානම් වන අතර හෙට දිනය අවසන් වීමට පෙර පාර්ලිමේන්තුව ද විසිරුවා හරිනු ඇති බව වාර්තා වේ.

විද්‍යාත්මක ක්‍රමවේදයකට සකස් කළ අමාත්‍යංශ 15ක් ඉදිරි කාලය සඳහා නම් කරමින් එම අමාත්‍යංශවල වගකීම් ජනාධිපති අනුර කුමාර දිසානායක, ආචාර්ය හරිනි අමරසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ නව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් නිපුණආරච්චි සමඟ නිසි ක්‍රමවේදයකට පවරා දීමට සැලසුම් කර ඇත.

එමෙන් ම, එම අමාත්‍යංශ 15 සඳහා ලේකම්වරු 15 දෙනෙකු පත් කිරීමට නියමිත ය.

ඒ කැබිනට් මණ්ඩලය යටතේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ඉන් පසුව උපරිමය අමාත්‍යංශ 25ක් මගින් විධායකය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

Facebook
Twitter
LinkedIn