රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්

රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්

රනිල් වික්‍රමසිංහ සමඟ එක් වූ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් හට දේශපාලන අනතුරු ඇඟවීම් කර තිබේ.

ඊයේ (23) කොළඹ මල්පාරේ ඔහුගේ ප්‍රචාරක කාර්යාලයේ පැවති සමාලෝචන හමුවකදී ප්‍රකාශ කර තිබෙන්නේ අලියා ලකුණින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන බව ය. එමෙන් ම, පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිස සමඟ ඡන්දදායකයන් තමන් වෙත පැමිණ නැතැයි ද අවධාරණය කර ඇත.

මේ අනුව, ප්‍රසන්න රණතුංග, නිමල් ලන්සා, දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසට තව දුරටත් රනිල් වික්‍රමසිංහ හෝ එක්සත් ජාතික පක්ෂය සමඟ දේශපාලන කටයුතුවල නිරත විය නොහැකි බවට අනියමින් දැනුම් දී ඇත. මේ දක්වා රනිල් වික්‍රමසිංහව වර්ණනා කරමින් රට ගොඩ ගත් නායකයා යැයි පැවසූ පිරිස සම්පූර්ණයෙන් ම අනාතභාවයට පත්වී සිටිති.

එමෙන් ම, පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සෑම දිස්ත්‍රික්කයකින් ම අලුත් අපේක්ෂකයන් සිව් දෙනෙකු හෝ එක්කර ගැනීමට ද රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ. මෙය ද, එක්සත් ජාතික පක්ෂය තුළ අලුත් ගැටුම් නිර්මාණය කිරීමට හේතු වෙනු ඇති බවට දැනටමත් මත පළ වෙමින් තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්