නව ජනාධිපති පුද්ගලික ලේකම් ආනන්ද විජේපාල

නව ජනාධිපති පුද්ගලික ලේකම් ආනන්ද විජේපාල

අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පුද්ගලික ලේකම් ලෙස පරිපාන ක්ෂේත්‍රයේ නිලධාරියෙකු වන ආනන්ද විජේපාල පත්කර තිබේ.

ඔහු කලක් පුණරුත්තාපන අධිකාරියේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ අතර පසුව හානිපූර්ණ කාර්යාලයේද අධ්‍යක්ෂක ලෙස කටයුතු කර ඇත.

ඔහු වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක, කෘෂිකර්ම, වරිමාර්ග, ඉඩම් සහ පශුසම්පත් කැබ්නට් ඇමති සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්ව ලෙසද කටයුතු කර තිබේ.

ඔහු කළක් දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ලෙසද කටයුතු කළේය.

Facebook
Twitter
LinkedIn