සිරසේ රොෂාන් වටවල පුදුමයට පත්වෙයි!

සිරසේ රොෂාන් වටවල පුදුමයට පත්වෙයි!

සිරස රූපවාහිනියේ ප්‍රකට සන්නිවේදකයෙකු වන රොෂාන් වටවලට විශ්මය ජනක වී තිබූ ප්‍රශ්නයක් ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ වෙත අද (23) සවස සජීවීව විකාශනය කළ දවස වැඩසටහනේදී ඉදිරිපත් කරනු ලැබීය.

ඔහු ඉදිරිපත් කළ ප්‍රශ්නය සහ එයට ජාතික ජන බලවේගයේ ලේකම් ලබා දුන් පිළිතුර පහත දැක්වේ.

ප්‍රශ්නය – කොහොමද මෙතරම් සාමකාමී මේ ජයග්‍රහණය සැමරුවේ, මොකක්ද ඒ විනය!

පිළිතුර – අපි මේ ව්‍යාපාරය ආරම්භ කළේම ජනතා විමුක්ති පෙරමුණේ විනය සමග. ජනතා විමුක්ති පෙරමුණ දීර්ඝ කාලයක්, විනයක් සහිත කාඩර්වරුන්ගෙන් සමන්විත සංවිධානයක්. ඒ සංවිධානය න්‍යෂ්ටිය හැටියට සකස් කරගෙනයි, අපි මේ සංවිධානය ගොඩනැගුවේ. ජනතා විමුක්ති පෙරමුණ පවත්වාගෙන ආ ඒ විනය ඒ ආකාරයටම ජාතික ජන බලවේගයට කාන්දු වුනා. ජාතික ජන බලවේගයත් ඒ විනය තමයි පසුගිය අවුරුදු 06ක කාලය තුළ ක්‍රියාත්මක කළේ. අපිට ලොකු විශ්වාසයක් තිබුණා, මේ මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කළ හැකි බව. එය වෙනස් කිරීමේ අවශ්‍යතාව අපි හැමකෙනෙකුටම තිබුණා. ඒ සාර්ථකත්වයම තමයි ක්‍රියාත්මක වෙන්නේ.

Facebook
Twitter
LinkedIn