නව ජනාධිපති, අනුර කුමාර දිසානායක, ජනාධිපති ලේකම් වශයෙන් පත් කළ ආචාර්ය නන්දික සනත් කුමානායක කැළණිය විශ්වවිද්‍යාලයෙන් බිහිව විද්‍යාර්ථියෙකි.
ඔහු ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ආදායම් අධීක්‍ෂක ඒකකයේ සහ අභ්‍යන්තර කටයුතු අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කරමින් සිටියේ ය. ආචාර්ය කුමානායක කැලණිය විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය ලබා ගත් අතර, පසුව සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබාගෙන සිටී.
640









