රට භීතියට පත් කළ චෞර කල්ලි මුළුමනින්ම පරාදයි !

රට භීතියට පත් කළ චෞර කල්ලි මුළුමනින්ම පරාදයි !

ජාතික ජන බලවේගය බලයට පත් වුවහොත්, 23 වැනි දින සිට රට ලේ විලක් වන බවට ගෙන ගිය ම්ලේච්ඡ ප්‍රචාර සියල්ලම මුළුමනින්ම පරාජය කර තිබේ.

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක, අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කර දිවුරුම් දී අවසන් ය. ඉතිහාසයේ ඉතාමත් ම සාමකාමී පශ්චාත් මැතිවරණ සමයක් පිළිබඳ විශ්වාසය මෙම ගෙවී ගිය කාලය තුළ දැඩි ලෙස තහවුරු වී තිබේ.

ඒ අනුව ජනතාව භීතියට පත් කර ඡන්දය ගැනීමට උත්සාහ කළ සියලු බලවේග පරාජය කරමින්, සාමකාමී ජනතාව අතිශයින් ම ජයග්‍රාහී මට්ටමට මුළු රටක් වශයෙන් පෙළගැසී සිටිති.

Facebook
Twitter
LinkedIn