මාලිමාවෙන් විශේෂ නිවේදනයක් – අපි ජයග්‍රහණය කර අවසන් – මැතිවරණ නීතියට අනුව ප්‍රතිඵල නිකුත් කරන්න ටිකක් ප්‍රමාදවෙනවා – විජිත හේරත්

මාලිමාවෙන් විශේෂ නිවේදනයක් – අපි ජයග්‍රහණය කර අවසන් – මැතිවරණ නීතියට අනුව ප්‍රතිඵල නිකුත් කරන්න ටිකක් ප්‍රමාදවෙනවා – විජිත හේරත්

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් කිසිදු අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත් මැතිවරණ නීතිය අනුව දෙවෙනි මනාපය ගණන් කිරීමට සිදු වී ඇති බැවින් අවසන් ප්‍රතිඵල නිකුත් කිරීමේ ප්‍රමාදයක් නීතියට අනුව ඇති වී තිබෙන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් අවධාරණය කරයි.

මෙයට සුළු මොහොතකට පෙර මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව හෙළි කරනු ලැබීය.

එම නිසා ජනතාව කිසිදු ව්‍යාකූලත්වයකට පත් නොවන ලෙසත් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කර ඇති බවත් එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම දෙවන මනාප ගණන් කිරීමෙන් පසුව සිදු කිරීමට නීතියට අනුව සිදු වී තිබෙන බවත් ජාතික විධායක සභික විජිත හේරත් අවධාරණය කරයි.

Facebook
Twitter
LinkedIn