අපේ ආර්ථිකය ගොඩනඟා ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාව ලෙස විශාල වගකීමක් අපට තිබෙනවා – මහාචාර්ය කිත්සිරි දිසානායක

අපේ ආර්ථිකය ගොඩනඟා ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාව ලෙස විශාල වගකීමක් අපට තිබෙනවා – මහාචාර්ය කිත්සිරි දිසානායක

අපේ ආර්ථිකය ගොඩනඟා ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාවට විශාල වගකීමක් තිබෙන බව මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කිත්සිරි දිසානායක අවධාරණය කරයි.

ඔහු ඔහු මේ බව අවධාරණය කළේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (10) පෙරවරුවේ මාලිමාවේ ජය වෙනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් පවත් වන ලද මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කිත්සිරි දිසානායක,

“මම විශේෂයෙන්ම අපේ ආර්ථිකය පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කරන්නම්. වසරක අපේ ආර්ථිකයේ සමස්ත වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 84ක් පමණ වෙනවා. මහ බැංකු වාර්තා අනුව එහි වෙනස්කමක් තිබෙන්නත් පුළුවන්. මේ ආර්ථිකයෙන් සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 20ක පමණ ආනයනයක් පවතින අතර, ඩොලර් බිලියන 12ක පමණ අපනයනයක් පවතිනවා. විදේශ වෙළෙඳාමේ හිඟය ඩොලර් බිලියන 08ක් වීමේ වෙනස පියවා ගන්න විදේශ ශ්‍රමික ප්‍රජාවගෙන් ලැබෙන ආදායම ප්‍රධාන වශයෙන් යොදා ගන්නවා. අපේ අනෙකුත් අපනයනවල ආදායම් ඒ හිඟය පියවා ගන්න ප්‍රමාණවත් නැහැ. මොරටුව විශ්වවිද්‍යාලය තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටිමින්, ඉංජිනේරු විෂය ක්‍ෂේත්‍ර 12ක පමණ උපාධි පාඨමාලා පවත්වාගෙන යනවා. ආර්ථිකය ගොඩනැඟීමට මෙයින් ලබා දෙන දායකත්වය පිළිබඳව පුළුල් අවධානයක් යොමු කළ යුතුයි. අපේ ආනයන වියදමෙන් සියයට 25ක් පමණ වැය වන්නේ පොසිල ඉන්ධන ආනයනය කිරීමට. අපේ විදුලිය නිෂ්පාදනයෙන් සියයට 60ක් පමණ ආනයනික තෙල් සහ ගල්අඟුරු මත පදනම් වෙනවා. වාර්ෂිකව විදුලිය ගිගා වොට් පැය 16,000ක් පමණ පාවිච්චි කරනවා. එයින් සියයට 60ක් පමණ ගල්අඟුරුවලින් සහ තෙල්වලින් නිෂ්පාදනය වන අතර, ඒ වෙනුවෙන් ඩොලර් බිලියන 7.5ක් පමණ වැය වෙනවා. මේ වියදම ඉතිරි කර ගැනීමේ ක්‍රමවේද තිබෙනවා. සුළඟ සහ සූර්යාලෝකය යොදා ගනිමින්, විශාල විදුලි ජනනයක් සිදු කළ හැකියි. සාමාන්‍ය ජනතාවට වුවත්, පුනර්ජනනීය බලශක්තියට යොමු වී කටයුතු කරන්න පුළුවන්. අනුර කුමාර සහෝදරයාගේ නව රජය යටතේ මේ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර රජයෙන් සහන ලබා දී පුනර්ජනනීය විදුලි උත්පාදනයට ප්‍රමුඛත්වයක් ලබා දෙනවා.

ඊට අමතරව රට තුළ විශාල ඛනිජ සම්පත් ප්‍රමාණයක් පවතිනවා. මුහුදට අපි තවම අත තියලාවත් නැහැ. පුල්මුඩෙයි ඛනිජවැලි, පරන්තන් රසායනික ද්‍රව්‍ය කම්හල වැනි ප්‍රභවයන් මුල් කරගෙන අපේ ආර්ථිකයට තවත් සියයට 10ක පමණ දායකත්වයක් ලබාගත හැකියි. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති මාලාවේ මේ සම්බන්ධයෙන් කරුණු දැක්වෙනවා. අනාගතයේ ඉතාමත් පැහැදිලි ආර්ථික වර්ධනයකට යාමේ හැකියාව තිබෙනවා. පසුගිය රජයවල් යටතේ මම ආයතන ගණනාවක සේවය කර තිබෙනවා. පෙර සිටි ජනාධිපතිවරුන් දෙදෙනකුට මේ සම්බන්ධයෙන් මම පැහැදිලි කිරීම් කළත්, අදාළ කිසිම ක්‍රියාමාර්ගයකට යොමු වුණේ නැහැ. විශ්වවිද්‍යාල ප්‍රජාව විදියට අපේ ආර්ථිකය ගොඩනඟා ගැනීම සඳහා විශාල වගකීමක් තියෙනවා. ඒ අතුරින් මොරටුව විශ්වවිද්‍යාලය හැටියට අපි අනුර කුමාර සහෝදරයාගේ රජයට ඇප-කැප වී සහයෝගය ලබා දීමට, ක්‍රියාකාරී දායකත්වය ලබා දීමට සූදානම් බව ප්‍රකාශ කරනවා.”

සහභාගිත්වය
1. ආචාර්ය දිලීප විතාරණ – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
2. මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි – කොළඹ විශ්වවිද්‍යාලය
3. මහාචාර්ය කිත්සිරි දිසානායක – මොරටුව විශ්වවිද්‍යාලය
4. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජනහා සෙල්වරාජ් මහත්මිය – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
5. ආචාර්ය ප්‍රියන්ත ප්‍රනාන්දු – කැළණිය විශ්වවිද්‍යාලය
6. ආචාර්ය සකුරා බෝගොඩ – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
7. මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
8. මහාචාර්ය ජනක් කුමාරසිංහ – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
9. මහාචාර්ය අනිල් ජයන්ත – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
10. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සිතුමිණි රත්නමලල – මොරටුව විශ්වවිද්‍යාලය
11. කථිකාචාර්ය විජිත පණ්ඩිතසේකර – මොරටුව විශ්වවිද්‍යාලය
12. ආචාර්ය චමින්ද සමරසූරිය – මොරටුව විශ්වවිද්‍යාලය
13. ආචාර්ය ආර්. ඩබ්ලිව්. ද මැල් – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
14. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පී. සෙනෙවිරත්න – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
15. මහාචාර්ය වසන්ති මදුරප්පෙරුම – කැළණිය විශ්වවිද්‍යාලය
16. ආචාර්ය තුෂාර රත්නායක – මොරටුව විශ්වවිද්‍යාලය
17. ආචාර්ය දේශානි හෙට්ටිආරච්චි – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
18. මහාචාර්ය ලලිත් චන්ද්‍රලාල් – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
19. මහාචාර්ය චාමර ද අල්විස් – කැළණිය විශ්වවිද්‍යාලය
20. ආචාර්ය කෝසල බණ්ඩාර – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
21. කථිකාචාර්ය මනිෂ වරුෂවිතාන – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
22. ආචාර්ය උත්පලා ජයවර්ධන – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
23. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නේලක ශ්‍යාමල් හපුආරච්චි – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
24. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රමිදු පෙරේරා – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
25. කතිකාචාර්ය ශාන්ත පුහුල්වැල්ල – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
26. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඩී. එස්. පී. ජයසූරිය – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
27. මහාචාර්ය සීතා බණ්ඩාර – කැළණිය විශ්වවිද්‍යාලය
28. මහාචාර්ය උදයංග හේමපාල – මොරටුව විශ්වවිද්‍යාලය
29. මහාචාර්ය කිත්සිරි දිසානායක – මොරටුව විශ්වවිද්‍යාලය
30. මහාචාර්ය ඊ. දයාරත්න – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
31. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්. එම්. අමින්ද ලක්මාල් – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

Facebook
Twitter
LinkedIn