පොහොට්ටු පක්ෂ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ රනිල් වික්‍රමසිංහ පිලට එක් වී සිටියද එම පිළ අභ්‍යන්තරයෙන් මාරාන්තික කැපිල්කලට ලක් වී ඇති බව අනාවරණය වේ.
පසුගියදා ගාල්ලේ පවත්වන ලද රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක රැලියට සහභාගී වන ලෙස හෝ ඇයට ආරාධනා කර නැත. එම දිස්ත්‍රික්කයේ වජිර අබේවර්ධන, රමේෂ් පතිරණ සහ මනූෂ නානායක්කාර යන තිදෙනාම සාමූහික අවබෝදයෙන් යුතුව ඇයව කපාහැර ඇති බව වැඩිදුරටත් හෙළි වේ.
මෙම තත්වය හමුවේ ගීතා කුමාරසිංහ දැඩි සිත්වේදනාවකට පත්ව ඇති අතර ජනාධිපතිවරණය ආසන්නයේ ප්‍රබල අදහස් දැක්වීමකට ඉඩ ඇති බවට සමීපතම කලාකරුවන් අදහස් පලකරමින් සිටී.
5,718









