ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ශ්‍රේෂ්ඨයි – විපක්ෂයෙන් නව පෙරමුණක්

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ශ්‍රේෂ්ඨයි – විපක්ෂයෙන් නව පෙරමුණක්

විපක්ෂයට අයත් පක්ෂවල ඉහළ පෙළේ තනතුරු දැරූ විවිධ ක්‍රියාකාරිකයින් සහ සංවිධාන ගණනාවක් මේ වනවිට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය අනුගමනය කරන ක්‍රියාමාර්ග අනුමත කර ඉදිරියට එමින් සිටී.

මේ සම්බන්ධයෙන් නවතම ප්‍රකාශය නිකුත් කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මහාචාර්ය ආශු මාරසිංහ විසිනි. තම කැමැත්ත නීතිය විය යුතු නැති බවට ජනාධිපති අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශය ඉහළින් ම අනුමත කරන බවත්, රටට සැබෑ විපක්ෂයක් අවශ්‍ය වී තිබෙන බවත් ආශු මාරසිංහ ප්‍රකාශ කර ඇත.

ගොඩ ගැසී තිබෙන නඩු ලක්ෂ 11ක් විභාග කර අවසන් කිරීම සඳහා අධිකරණ පද්ධතිය පුළුල් කිරීමට රජය ක්‍රියා කළ අවස්ථාවේ දී ද මේ ආකාරයට පිරිසක් පෙරමුණට පැමිණ එම වැඩපිළිවෙල අනුමත කරමින් ප්‍රකාශ නිකුත් කළේය. මේ අතර, සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක අශෝක් අබේසිංහ එම පක්ෂයේ සියළු තනතුරුවලින් ඊයේ (12) ඉල්ලා අස්විය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්