මෙම ජනාධිපතිවරණයේදි ඡන්දය පාවිච්චි කිරිමට නොඑන ලෙසට රනිල් වික්‍රමසිංහගේ දැත් ශක්තිමත් කරන රාජිත සේනාරත්න විසින් තර්ජනය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත පැමිණිල්ලක් කර තිබේ.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති ඊයේ (30) මෙම පැමිණිල්ල කර තිබේ. ඒ මගින් වැඩි දුරටත් අවධාරණය කර තිබෙන්නේ ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරිමට හිමිකම් ලබා සිටින ශ්‍රී ලාංකිකයන් මිලියන කිහිපයකට එම තර්ජනය බලපාන බවත්, එය කිසිසේත් නොතකා හැරිය නොහැකි තර්ජනයක් බවත් ය.
එමෙන් ම, 1981 අංක 15 දරන ජනාධිතිවරයා තෝරා පත් කර ගැනීමේ පනතෙහි IV කොටසෙහි 78 (1) වගන්තිය උල්ලංඝණය කිරීමක් බවත් පෙන්වා දී ඇත.
1,472










