ලබන 21 වෙනිදා පැවැත්වීමට නියමිත 2024 ජනාධිපතිවරණයට අදාලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රාජ්‍ය සම්පත් හා රාජ්‍ය දේපල මැතිවරණ ව්‍යාපාරයට යොදාගැනීමට එරෙහිව NPP මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් අද (30) උදෑසන 10.30ට පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ සදහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මැතිවරණ) ගාමිනී නවරත්න, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඒ.කේ මාර්ක්, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඩී. ගජසිංහ, ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරික්ෂණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අකලංක උක්වත්ත ඇතුලු මෙහෙයුම් කමිටු සාමාජිකයින් සහභාගිවීමට නියමිත බවද වාර්තා වේ.
1,435









