ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඊයේ (29) හදිසි මාධ්‍ය හමුවක් පවත්වා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්ට ලබා දෙමින් සිටින ආහාර සලාකය වෙනුවෙන් නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ප්‍රකාශ කර ඇත.
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා වෙන් කර තිබෙන දින ඉතා ආසන්න වෙමින් තිබියදී මෙලෙස අනිසි බලපෑමක් කිරීම සඳහා ආහාර සලාකය පෙන්වා තිබේ. ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ ආහාර සලාකය වෙනුවෙන් යම් මුදලක් වැටුපට එකතු කරන බව ය.
ඉතා සූක්ෂම ආකාරයෙන් මැතිවරණ නීතියෙන් රිංගා ඡන්දය ලබා ගැනීමට පෙළඹවීම සඳහා මුල්‍ය අල්ලස් ලබා දිමේ ප්‍රකාශයක් කර තිබේ. එම ආහාර සලාක දිමනාව ලබන ජනවාරි මාසයේ සිට මාසික වැටුපට එකතු කරන බවත්, ඒ මගින් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ මූල්‍ය ශක්තිය වඩාත් ස්ථාවර වන බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.
ප්‍රබල රාජපක්ෂවාදියෙකු වූ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් හට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධුරය ලබා දිමෙන් පසුව මේ වනවිට ප්‍රබල රනිල්වාදියෙකු වී සිටී.









