තලතාට ලොකුම පුටුව

තලතාට ලොකුම පුටුව

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තනතුර දැරූ පාලිත රංගේබණ්ඩාර එම ධුරයෙන් හදිසියේ නෙරපා හැරීමෙන් පසුව තලතා අතුකෝරල පත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

ස්වාධින අපේක්ෂකයෙකු බව කියන රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කළ ඊයේ (29) දිනයේ දී ම රංගේබණ්ඩාර නෙරපා හැරීම විශේෂත්වයකි. එලෙස නෙරපිම සම්බන්ධයෙන් ඔහුට කිසිදු දැනුම්දීමක් මේ වනතුරු සිදු කර නොමැති බව මාධ්‍යය වෙත ප්‍රකාශ කර ඇත.

මේ අතර, තලතා අතුකෝරල මහ ලේකම් ධුරයට පත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩලයේ නිලධාරීන් බහුතරයක් මේ වනවිට ඉල්ලා ඇති බව හෙළි වී තිබේ.

Facebook
Twitter
LinkedIn