කලාකරුවන් ජාතික ජන බලවේගය වටා එක් වී සිටින්නේ ගැඹුරු මානවීය අර්ථයක් ප්‍රමුදිත කරවන්න – ප්‍රවීණ රංගන ශිල්පී, මහාචාර්ය සෞම්‍ය ලියනගේ

කලාකරුවන් ජාතික ජන බලවේගය වටා එක් වී සිටින්නේ ගැඹුරු මානවීය අර්ථයක් ප්‍රමුදිත කරවන්න – ප්‍රවීණ රංගන ශිල්පී, මහාචාර්ය සෞම්‍ය ලියනගේ

කලාකරුවන් ජාතික ජන බලවේගය වටා එක් වී සිටින්නේ ගැඹුරු මානවීය අර්ථයක් ප්‍රමුදිත කරවන්න යැයි ප්‍රවීණ රංගන ශිල්පී, මහාචාර්ය සෞම්‍ය ලියනගේ අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කලේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති කලාකරුවන්ගේ එකමුතුවේ `රට අනුරට’ මාධ්‍ය හමුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවීණ රංගන ශිල්පී, මහාචාර්ය සෞම්‍ය ලියනගේ,

“ජාතික ජන බලවේගය නියෝජනය කරන කලාකරුවන් හැටියට අපි පෙළගැසී සිටින්නේ හුදු පරණ අදහසක් මුදුන්පමුණුවා ගන්න නොවෙයි. කලාවෙන් මිනිසාගේ සහකම්පනය දියුණු කරන බව අපි දන්නවා. නමුත්, නිර්මාණ කලාව තුළින් ඊට වඩා ගැඹුරු ජීවන දර්ශනයක් සහ මානව වටිනාකම් විශාල ප්‍රමාණයක් වර්ධනය කර ගන්න ඉවහල් වන බව පර්යේෂණවලිනුත් සනාථ වී තිඛෙනවා. සිනමාව, රූපවාහිනිය ඇතුළු කලා මාධ්‍යයන් රටකට වැදගත් වන්නේ මිනිසුන් හුදෙක් සන්තර්පණය කරවන්න පමණක් නොවෙයි.

සෞන්දර්ය රසවින්දනය අවශ්‍ය බව අප පිළිගන්නා අතරම ඊට එහා ගිය මානව වර්ධනය සඳහා අත්‍යවශ්‍ය සාධකයක්. කලාකරුවන් ජාතික ජන බලවේගය වටා එක් වී සිටින්නේ ගැඹුරු මානවීය අර්ථයක් ප්‍රමුදිත කරවන අභිප්‍රායයෙන්. මෙතෙක් බලයට පත් වුණු කිසිදු රජයක් මෙවැනි ගැඹුරු අදහසකින් කලා, සංස්කෘතික ෙක‍ෂ්ත්‍රය පිළිබඳව පරිකල්පනයක් තිබූ බව අපට කිසිසේත් ම පිළිගන්න බැහැ. එවැනි ක්‍රියාමාර්ග අපි දැකලා හෝ අහලා හෝ නැහැ.

ජාතික ජන බලවේගය ප්‍රකාශ කර ඇති පරිදි මේ රටේ පුනරුදයක් ඇති කිරීමට කලා, සංස්කෘතික කේෂ්ත්‍රය වර්ධනය සහ යහපැවැත්ම අත්‍යවශ්‍යයි. පුනරුදයේ මිනිසා බිහි වෙන්න නම්, ගැහැනුන් සහ පිරිමින් ගැඹුරු පරිවර්තනයකට ලක් විය යුතුයි. එය කෙටි කාලයක දී සිදු කළ නොහැකියි. දිගුකාලීන වැඩසටහනක් සහිතව ඒ වෙනුවෙන් සැදීපැහැදී සිටින එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණයි.

විස්තීර්ණ කලාකරුවන් විශාල ප්‍රමාණයක් ජාතික ජන බලවේගය වටා ඒකරාශී වී සිටින්නේ තම තමන්ගේ පෞද්ගලික, බොළඳ අභිලාෂයන් සාක‍ෂාත් කර ගන්න නොවෙයි. ගැඹුරු සමාජ, සංස්කෘතික, දේශපාලන විපරිවර්තනයක් වෙනුවෙන් අපේ මේ ව්‍යායාමය කැප කර තිඛෙනවා. මනුෂ්‍යයා තුළ සමාජ, දේශපාලනික සවිඥානිකත්වය තිබුණු ප්‍රමාණය පවා දශක ගණාවක් තිස්සේ මරා දැම්මා. නමුත්, කලා, සංස්කෘතික ක්ෂේත්‍රයේ මනුෂ්‍යයා විෂයයේ දී සමාජ, දේශපාලනික සවිඥානිකත්වයක් මෙන්ම මනුෂ්‍ය ප්‍රකාශනයක් ලෙසත් ප්‍රබලත්වයකින් යුක්ත වෙනවා. ඒ වාගේම අන්තගාමී හැඟීම්වලට ප්‍රතිපක‍ෂව නැඟීසිටීමට අවබෝධය ලබා දෙන්නෙත් කලා, සාහිත්‍යය තුළිනුයි. අධිකාරී ව්‍යුහයන්ට විරුද්ධව නැඟීසිටීමත් ආරම්භ කරන්නේ කලාවෙන්. එවැනි ගැඹුරු පරිවර්තනයන් සිදු කර ගන්න ජාතික ජන බලවේගයට හැකියාව තිඛෙන බව අපට විශ්වාසයි.”

ප්‍රශ්නය – ගුණදාස කපුගේ මහත්මයා කම්පන ප්‍රසංගයෙන් සහ නන්දා මාලිනිය පවන ප්‍රසංගයෙන් සමාජය පරිවර්තනය කරන්න විශාල කාර්යභාරයක් කළා. නමුත්, එවැනි තත්වයක් අද සමාජයේ දකින්න නැහැ. එවැනි තත්වයක් පවතින්නේ ඇයි ?

පිළිතුර (මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි) – කලාකරුවන්ගේ ආත්ම ගෞරවය සහ ක්ෂේත්‍ර ගෞරවය රැකෙන ලෙස මේ රටේ පාලකයන් කටයුතු කර තිබුණා නම්, මෙවැනි මාධ්‍ය සාකච්ඡාවකටවත් කලාකරුවන් කැඳවීම අවශ්‍ය වන්නේ නැහැ. එසේ නොතිබුණු නිසා තමයි, මේ අවස්ථාවට සහභාගී වූ කලාකරුවන් මත දැක්වූයේ. තමන්ගේ අත තිඛෙන පෑනෙන් මඳකට මිදිලා, මේ මැදිහත් වීම කරන්න දායක වී සිටින්නේ තත්ත්වයේ තිඛෙන බරපතළකම නිසයි. අපි කලාකරුවන් හැටියට ශාස්ත්‍රවන්තයන් හැටියට අපේ ක්ෂේත්‍රවල රැඳෙන්න ඉතාමත් කැමැත්තෙන් ඉන්නවා. නමුත්, මහා සමාජයේ තිඛෙන ගැටලුව විසඳ ගන්නේ නැතිව අපි සියලු දෙනාගේ ක්ෂේත්‍රවල තනි තනිව කටයුතු කිරීමෙන් කලා නිර්මාණ මිනිසුන් අතරට ගෙන යන්න ඒවාට සම්බන්ධ රසිකයන් පෙළගස්වන්න හෝ එවැනි සමාජයක් වශයෙන් ඉතිරි කර නැහැ. එනිසයි කලා, සංස්කෘතික ක්ෂේත්‍රයේ විශාල පිිරිසක් ජාතික ජන බලවේගය සමඟ එක් වී සිටින්නේ.

(ප්‍රවීණ රංගන ශිල්පී, මහාචාර්ය සෞම්‍ය ලියනගේ) අපි අද මෙතැනට පැමිණ සිටින්නේ කලාව, සංස්කෘතිය පිළිබඳව පැරැණි අදහසින් නොවෙයි. මේ ක්ෂේත්‍රයේ මෙතෙක් පැවැති ව්‍යුහයන් වෙනස් කරන්නයි. ඉංග්‍රීසි යුගයේ හඳුන්වා දුන් කලා මණ්ඩල, අණපනත් වැනි ව්‍යුහයන් මෙතෙක් කල් පවතිනවා. අපි යෝජනා කර තිඛෙන්නේ ඊට වඩා ගව් ගණනක් ඉදිරියෙන් තිඛෙන කටයුත්තකට. කලාවෙන් දේශපාලනය කරනවාට වඩා මේ විෂයයට පැවරී තිඛෙන භාරධුර වගකීම වෙනුවෙන් ප්‍රවේශ වෙන්න අපි අපේක‍ෂා කරනවා. අද ලෝකයේ දළ ජාතික නිෂ්පාදිතයෙන් විශාල පංගුවක් නිර්මාණය කරන්නේ කල්චරල් ඉන්ඩ්‍රස්ටීස් එකෙන්. වෙනත් රටවල ආර්ථීක ප්‍රවාහයේ ප්‍රධාන සංඝටකයක් හැටියට මේ ක්ෂේත්‍රය හඳුනාගෙන ඉන්නවා. අපට වසරකින්, දෙකකින් ඒ තත්ත්වය අත් කර ගන්න බැරි වෙයි. අප ඉදිරිපත් කර තිඛෙන ප්‍රතිපත්ති අතර සමහර දේවල් අල්ලන්න පුළුවන් දේවල්, සමහර දේවල් අතින් අල්ලන්න බැහැ. කලාවේ වැඩිපුර පවතින්නේ අල්ලන්න බැරි ආධ්‍යාත්මික දේවල්. නමුත්, සමාජ සංවර්ධනය සඳහා වඩාත් බරපතළ මැදිහත් විම් සිදු කළ හැකි ක්ෂේත්‍රවක් මේක.

ප්‍රශ්නය – ඔබ මොනවා කීවත්, ජාතික ජන බලවේගය වැල් පාලම කපා දමන්න සූදානම් වන බව ජනාධිපතිවරයා කියා තිඛෙනවා.

පිළිතුර – ඒවාගේ දේවල්වලට උත්තර දෙන එකත් එච්චර ගෝචර නැහැ. වැල් පාලම කෙසේ වෙතත්, එතුමා සහ එම අදහස දරන අය පිළිබඳව දේශපාලනඥයෙක් නොවන මම ප්‍රතිචාර දක්වන්න එතරම් කැමැති නැහැ. කෙටියෙන් කියන්න තියෙන්නේ අවුරුදු හැත්තෑහයක් ම ආවේ වැල් පාලම මත තමයි. ඕක අමුතු පාලමක් නොවෙයි. ඔය පාලමේ පැද්දි පැද්දී තමයි, මේ රට ආවේ. මිනිස්සු ගොඩක් ඔය පාලමෙන් පහළට වැටිලා තිඛෙනවා. මේ වාගේ ශ්‍රේෂ්ඨ කෘතිවල තිඛෙන ශ්‍රේෂ්ඨ අදහස් මේ වාගේ අවභාවිත කිරීම පිළිබඳව බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් දන්නවා නම්, සිය දිවි නසා ගන්නවා. ඒ ප්‍රකාශ ගැන තිඛෙන්නේ කනගාටුවක්. බ්‍රෙෂ්ට් වැල් පාලමේ ගීතය ලියලා තියෙන්නේ ඒ අර්ථයෙන් නොවෙයි. අපි ඒ ගැන වෙන අවස්ථාවක වෙනමම සංවාදයක් කරමු.

මෙම මාධ්‍ය හමුව සඳහා සංගීතවේදී මිත්‍ර කපුගේ, සාහිත්‍යවේදී කමල් පෙරේරා, නාට්‍යවේදී ලලිත් රාජපක්ෂ, රංගන ශිල්පිණී දීපානි සිල්වා, චිත්‍රශිල්පී අනුර ශ්‍රීනාත්, රංගන ශිල්පිනී මනෝජා ප්‍රනාන්දු, සංස්කරණ ශිල්පී බුද්ධික රණසිංහ, ගායනවේදී ක්‍රිෂාන්ත එරන්දක, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, රංගන ශිල්පී ජගත් මණුවර්ණ, රංගන ශිල්පී බුද්ධදාස විතානාරච්චි, රංගන ශිල්පී මහින්ද පතිරගේ, රංගන ශිල්පී කළණ ගුණසේකර, රංගන ශිල්පී චන්ද්‍රසෝම බිංදුහේවා, සාහිත්‍යවේදී රවී සිරිවර්ධන, සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ, රංගන ශිල්පිණී නදී කම්මැල්ලවීර, සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර, මහාචාර්ය සෞම්‍ය ලියනගේ, රංගන ශිල්පීණී නිපුණි ශාරදා, චිත්‍ර ශිල්පී ප්‍රගීත් රත්නායක, රංගන ශිල්පී චමින්ද බටුකොටුව, ජ්‍යෙෂ්ට කථිකාචාර්ය නොයෙල් විජයරත්න, ජ්‍යෙෂ්ට කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක, ආචාර්ය කෞෂල්‍ය කුමාරසිංහ, රංගන ශිල්පිණී සමනලී ෆොන්සේකා, සංගීතවේදී ඉන්ද්‍රචාප ලියනගේ, මහාචාර්ය මංගල සේනානායක, ජ්‍යෙෂ්ට කථිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය, අංග රචනා ශිල්පී නාරද ධනංජී, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ රුවන් කුඩලිගම, සාහිත්‍යවේදී ශාන්ති දිසානායක, සාහිත්‍යවේදී සුදාරාජ් එස් රාජසිංහම්, ජ්‍යෙෂ්ට සහාය අධ්‍යක්ෂල සරත් සේනාරත්න, නාට්‍යවේදී ප්‍රේමරත්න තෙන්නකෝන්, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ප්‍රියන්ත ප්‍රනාන්දු, සාහිත්‍යවේදී දේගවී ගාල්ලගේ, නාට්‍යවේදී චමරු පතිරණ සහ රංගන ශිල්පිනී ගම්‍යා විජයදාස ඇතුළු කලාකරුවෝ පිරිසක් සහභාගී විසිටියහ.

Facebook
Twitter
LinkedIn