ජනතාවගේ කඩාවැටී ඇති ජීවිත ගොඩ ගෙන නව ජීවනයක් සහ පුනරුදයක් ඇති කිරීම වෙනුවෙන් අප සියලු දෙනා පෙළගැසී සිටින බව ප්‍රවීණ රංගන ශිල්පී, බුද්ධදාස විතානාරච්චි අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කලේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති කලාකරුවන්ගේ එකමුතුවේ `රට අනුරට’ මාධ්‍ය හමුව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවීණ රංගන ශිල්පී, බුද්ධදාස විතානාරච්චි,
“මෙයට වසර 42කට එපිට සිට මේ රටට ජනාධිපතිවරු පත් කර ගත්තා. නමුත්, ඒ කාලය තුළ කලා, සංස්කෘතික ජීවිතයේ ලබාගෙන තිඛෙන ප්‍රගතිය මොකක් ද කියන ප්‍රශ්නය පැනන`ගිනවා. එදා සිට මේ දක්වා සමාජ – සංස්කෘතික ජීවිතයේ වර්ධනයක් වෙනුවට පිරිහීමක් තිඛෙන බවයි අපි ජීවිතයෙන් අත්විඳින්නේ. සිනමාව, ගුවන්විදුලිය, රූපවාහිනිය සහ අනෙකුත් සෞන්දර්යාත්මක සියලු විෂයයන්ට කණකොකා හඬා තිඛෙනවා.
ඒ සියලු ෙකෂ්ත්‍ර පරාභවයට ගොදුරු වී ඇති බව පැහැදිලියි. විශේෂයෙන්ම හැත්තෑව දශකයේ දී සියලූම සාහිත්‍ය, කලා මාධ්‍යයන් අදට වඩා ප්‍රශස්ත, දියුණු මට්ටමක තිබූ බව අපි කවුරුත් දන්නවා. ඒ නිසා 21 වැනිදා පවත්වන ජනාධිපතිවරණයෙන් අනුර කුමාර සහෝදරයා ජනාධිපති ලෙස තෝරා පත්කරගෙන ප්‍රතිපත්තියක් ලෙස කලා, සංස්කෘතික ජීවිතය දියුණු කිරීම වෙනුවෙන් ක්‍රියා කරන බව ස්ථීරයි. ඒ නිසා අපි සියලු දෙනාගේ දායකත්වය, ක්‍රියාකාරී මැදිහත් වීම සහ දැඩි අධිෂ්ඨානයකින් කැප වී ක්‍රියා කරනවා. ජනතාවගේ ජීවිත කඩාවැටී ඇති තත්ත්වයෙන් ගොඩ ගෙන නව ජීවනයක්, නව ලෝකයක් සහ පුනරුදයක් ඇති කිරීමේ අවශ්‍යතාව සියලු දෙනාට තිඛෙනවා. ඒ සියලු ජනතාව සමඟ අපි අත්වැල් බැඳගෙන කි්‍රයා කරන බව ස්ථීර වශයෙන් ප්‍රකාශ කරනවා.”
මෙම මාධ්‍ය හමුව සඳහා සංගීතවේදී මිත්‍ර කපුගේ, සාහිත්‍යවේදී කමල් පෙරේරා, නාට්‍යවේදී ලලිත් රාජපක්ෂ, රංගන ශිල්පිණී දීපානි සිල්වා, චිත්‍රශිල්පී අනුර ශ්‍රීනාත්, රංගන ශිල්පිනී මනෝජා ප්‍රනාන්දු, සංස්කරණ ශිල්පී බුද්ධික රණසිංහ, ගායනවේදී ක්‍රිෂාන්ත එරන්දක, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, රංගන ශිල්පී ජගත් මණුවර්ණ, රංගන ශිල්පී බුද්ධදාස විතානාරච්චි, රංගන ශිල්පී මහින්ද පතිරගේ, රංගන ශිල්පී කළණ ගුණසේකර, රංගන ශිල්පී චන්ද්‍රසෝම බිංදුහේවා, සාහිත්‍යවේදී රවී සිරිවර්ධන, සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ, රංගන ශිල්පිණී නදී කම්මැල්ලවීර, සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර, මහාචාර්ය සෞම්‍ය ලියනගේ, රංගන ශිල්පීණී නිපුණි ශාරදා, චිත්‍ර ශිල්පී ප්‍රගීත් රත්නායක, රංගන ශිල්පී චමින්ද බටුකොටුව, ජ්‍යෙෂ්ට කථිකාචාර්ය නොයෙල් විජයරත්න, ජ්‍යෙෂ්ට කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක, ආචාර්ය කෞෂල්‍ය කුමාරසිංහ, රංගන ශිල්පිණී සමනලී ෆොන්සේකා, සංගීතවේදී ඉන්ද්‍රචාප ලියනගේ, මහාචාර්ය මංගල සේනානායක, ජ්‍යෙෂ්ට කථිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය, අංග රචනා ශිල්පී නාරද ධනංජී, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ රුවන් කුඩලිගම, සාහිත්‍යවේදී ශාන්ති දිසානායක, සාහිත්‍යවේදී සුදාරාජ් එස් රාජසිංහම්, ජ්‍යෙෂ්ට සහාය අධ්‍යක්ෂල සරත් සේනාරත්න, නාට්‍යවේදී ප්‍රේමරත්න තෙන්නකෝන්, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ප්‍රියන්ත ප්‍රනාන්දු, සාහිත්‍යවේදී දේගවී ගාල්ලගේ, නාට්‍යවේදී චමරු පතිරණ සහ රංගන ශිල්පිනී ගම්‍යා විජයදාස ඇතුළු කලාකරුවෝ පිරිසක් සහභාගී විසිටියහ.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න
ප්‍රශ්නය – මෙතැනට පැමිණ නැති ලංකාවේ විවිධ කලා ක්ෂේත්‍රවල බොහොමයක් දෙනා ඉන්නවා. ඔවුන්ට ඔබතුමන්ලා ආරාධනා කර තිඛෙනවා ද? ඔවුන් දරන්නේ මොන වාගේ මතයක් ද?
පිළිතුර – කලාවට සම්බන්ධ බොහෝ දෙනෙක් ක්ෂේත්‍රයේ ඉන්නවා වාගේම ඔවුන්ට විවිධ දේශපාලන මතිමතාන්තර තිඛෙනවා. දේශපාලන පකෂවලටත් ඒ අයගේ හිතවත්කම් තිඛෙනවා. නමුත්, උද්ගත වී තිඛෙන තත්ත්වය පිළිබඳව වඩා හොඳින් අවබෝධයක් ලබා ගත් පිරිසක් මේ අවස්ථාවේ මෙම ස්ථානයට පැමිණ සිටිනවා. පසුගිය දශක කිහිපය තුළ කලාවේ පරිහානියට හේතු වූ කරුණු අවබෝධ කර ගත් ජන ජීවිතය බිඳවැටි ඇති ආකාරය මැනැවින් තේරුම් ගත් පිරිසගෙන් කොටසක් මේ අවස්ථාවට එක් වී සිටිනවා. අනෙකුත් කලාකරුවන් සමඟත් අපගේ යම් සංවාදයක් තිඛෙනවා. ඒ අයත් සුබවාදීව මේ වෙනුවෙන් දායක වෙන්න සූදානමින් සිටින බව දැනෙනවා.










