පොහොට්ටු පක්ෂයේ සිට රනිල් පිලට එක් වූ ධීවර රාජ්‍ය ඇමති පියල් නිෂාන්තට දරා සිටිය නොහැකි කැපිලි සිදුවීම හේතුවෙන් කිනම් මොහොතක හෝ තලතා අතුකෝරල ගිය පාරේ යාමේ ඉඩක් පවතින බව අනාවරණය වේ.
මේ බව සනාථ කෙරෙන තීරණයක් රාජ්‍ය ඇමති පියල් නිෂාන්ත ඊයේ ගෙන තිබේ. ඔහු ලංකාදීප වෙබ් අඩවියට පවසා ඇත්තේ රාජ්‍ය අමාත්‍යංශය යටතේ පවතින ආයතන කිහිපයක වගකීම්වලින් ඉවත්වන බව ය. එම ආයතන නම්, ලංකා ධිවර සංස්ථාව, නාරා ආයතනය, සීනෝර් ආයතනය සහ නෝර්ත් සී යන ආයතවල වගකීමෙන් ඉවත් වන බව ය.
එලෙස ඉවත්වීම පිළිබඳව නිල වශයෙන් ජනාධිපතිට දන්වා ඇති බවක් සඳහන් කර නැත.
26,619










