මහ බැංකු අධිපති ජනාධිපතිව ඉවරම කරයි

මහ බැංකු අධිපති ජනාධිපතිව ඉවරම කරයි

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහද අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුගමනය කරන ක්‍රියාමාර්ග අනුව යමින් මහජනතාව බියගැන්වීමේ ක්‍රියාවලියක යෙදි සිටින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකගවී ඇති ගිවිසුම් සාකච්ඡා මගින් සංශෝධනය කළ නොහැකි බවත් එවැනි උත්සාහයක් දැරුවහොත් රට නැවත ගොඩගත නොහැකි සේ ඇද වැටෙන බවත් ප්‍රචාරය කරමින් සිටී.

ඔහු මෙලෙස ජනතාව බියගැනිවෙන් සුළු ප්‍රකාශය කර ඇත්තේ ශ්‍රී ලංකා වෘත්තිය සංගම් සංවිධානය යනුවෙන් හඳුන්වන සංවිධානයක දේශනයකට එක්වෙමිනි. මෙම ප්‍රකාශය අතර ඉතා වැදගත් හෙළිදරව්වක්ද සිදු කර තිබේ. එනම් මේ වනතෙක් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය අර්බුය විසඳීමට රනිල් වික්‍රමසිංහ පාලනය අසමත් වී ඇති බවය. වසර 05කදී ඩොලර් බිලියන 12.5ක ස්වෛරීත්ව බැඳුම්කර ණය ලබාගෙන මෙරට ගනිපොලී අර්බුදයක හිර කළේ රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දැරූ 2015 – 2019 කාලයේදීය.

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ එම ණය උගුල පිළිබඳව ප්‍රකාශ කර තිබෙන්නේ, “වර්තමාන ස්වෛරීත්ව ණය අර්බුදය හමුවේ අතීතයේ මෙන් ඉහළ වැය කිරීමක් සහ බදු අඩු කිරීම් මගින් ආර්ථික වර්ධනයක් කරා යොමු කිරීමෙන් රජයට කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන” බවය. ආණ්ඩුවට අවශ්‍ය ආකාරයෙන් දේශපාලන ප්‍රචාරයන් කිරීමට ගොස් ඔහු මෙම සථ්‍ය තත්වය හෙළි කර ඇති බව පැහැදිලිය. මහ බැංකු අධිපතිගේ මෙම ප්‍රකාශය මේ දක්වා නිල වශයෙන් එම වෙබ් අඩවියේ පල කර නැත.

Facebook
Twitter
LinkedIn