ජනාධිපතිවරණය සඳහා හරියටම සති හතරක් ඉතිරි වී තිබියදී මෙම සතියේ මන්ත්‍රීවරු පිල් පැනීමෙන් දිනන්නේ රනිල් වික්‍රමසිංහ ද, නැතිනම් සජිත් ප්‍රේමදාස ද පිළිබඳව දැඩි අවධානයක් යොමු වී තිබේ.
පසුගිය සතියේ 21 වෙනිදා සජිත් පිලේ තලතා අතුකෝරල පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රහාරාත්මක ප්‍රකාශයෙන් පසුව මේ වනවිට ද සජිත් ප්‍රේමදාස යථා තත්වයට පත් වී නැති බව අභ්‍යන්තර තොරතුරුවලින් වාර්තා වේ. තලතා අතුකෝරල මෙන් ම තවත් ප්‍රබල ක්‍රියාකාරිනියක ඉවත්වී යාමට සූදානමින් සිටින බව සති අන්තය වනවිට වාර්තා පළ වෙමින් තිබිණි.
මේ අතර, සජිත් පිල සමඟ එක් වූ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නුදුරු දිනයකදී ම දේශපාලනයෙන් සමු ගන්නා බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරනු ඇතැයි තවත් ප්‍රබල අනාවැකියක් ඉදිරිපත් වී තිබේ.
1,589









