මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජාතික ජන බලවේගයේ අනුර දිසානායක ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස යන තිදෙනාගේ ප්‍රතිපත්ති සසඳමින් විශේලේෂණාත්මක් ලිපියක් ආචාර්ය අමීර් අලි විසින් ඩේලි එෆ්ටී පුවත්පතට සපයා තිබිණි.
එම ලිපියේ සිංහල පරිවර්තනය පසුගිය සිකුරාදා ලංකාදීප පුවත්පතේ පල කර තිබූ අතර ශාෂ්ත්‍රීය මෙන්ම ගවේශනාත්මක කරුණු ගණනාවක් එහි අඩංගු කර තිබේ. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය ආකාරයට ගිවිසුම් අත්සන් කරමින් 2028න් පසුව ආර්ථිකය තවදුරටත් හිර කරන බව පෙන්වා දී ඇත. එසේම සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහගේ බෝට්ටුවේම යන පුද්ගලයෙක් ලෙස මූලික වශයනේ අර්ථ දක්වා තිබේ.
එම දෙදෙනාගේ සමානකම් පිළිබඳව ආචාර්ය අමීර් අලි වැඩිදුරටත් විස්තර කර තිබුණේ “එමෙන්ම රනිල්ගේ අපනයන මූලික ආර්ථික පරිවර්තන න්‍යායපත්‍රය හා විවෘත ආර්ථිකය පවත්වාගෙන යාමට සජිත් කරන කැපවීම් අතර වෙනසක් නැත.” යනුවෙනි. වැඩිදුරටත් එහි සඳහන් කර තිබෙන්නේ “එම නිසා එම දෙපිරිසේම මතවාද අතර වෙනසක් නැති තරම්ය. සජිත් ප්‍රේමදාසගේ සජබ වනාහී අලුත් බෝතලයක සිර වූ පරණ වයින්මය. රනිල් වික්‍රමසිංහගේ දුප්පතුන් පීඩාවට පත්කරන ආර්ථික හා මූල්‍ය පියවරම උත්කර්ෂයට නංවන සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහගේ මූල්‍ය පියවර විවේචනයට ලක් කරමින් සිටය මැතිවරණ ප්‍රචාරක කටයුතු ගෙනයයි.” යනුවෙන් පැහිදිලි විශ්ලේෂණයක් සපයා තිබේ.










