ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඉන්දියාවේ නාවිකා හමුදාවලට අයත් ප්‍රධානම යුධ නැව් කිහිපයක් සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ විවිධ අවශ්‍යතා සඳහා කොළඹ වරායට පැමිණි බව වාර්තා වේ.
මෙයට පෙර කෙටි කාලයක් තුළ විදේශ යුධ නැව් මෙලස පැමිණ නැති බව නාවික හමුදා තොරතුරුවලින් හෙළි වේ.
ඇමරිකා එක්සත් ජනපදයේ නාවික හමුදාවට අයත් USS Stokdale යුධ නෞකා දෙකක් සතියක් තුළ පැමණ ගොස් ඇත. විවිධ සේවා අවශ්‍යතා සඳහා පැමිණි මෙම යුධ නැව් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිළිගන්නා ලද බව වාර්තාවල දැක්වේ.එසේම හෙට (26) ඉන්දියාවට අයත් ප්‍රමුඛතම යුධ නැවක් වන INS මුන්බායි නෞකාව මෙලෙස පැමිණීමට නියමිතය.
පසුගිය කාලයේ සේවා ලබා ගැනීම සඳහා චීන යුධ නැව් පැමිණීමට උත්සාහ කළ අතර ඉන්දියාවේ දැඩි විරෝධය හමුවේ ඇතැම් යුධ නැව් හරයා යවනු ලැබීය.
391










