වැඩිහිටි දීමනාව ලබාගැනීමට ඉකුත් (22) වෙනිදා තණමල්විල තැපැල් කාර්යාලයට පැමිණි පස්දරු පියෙකු තැපැල් කාර්යාල ඉදිරිපිටදී මියගොස් ඇතැයි තණමල්විල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ තණමල්විල ගාමිණීපුර පදිංචි ආර්.ඒ සිරිසේන නැමති 81 හැවිරිදි පියෙකි.
හෙතෙම වැඩිහිටි දීමනා ලබාගැනීමට තණමල්විල තැපැල් කාර්යාලයට එදින උදෑසන පැමිණ ඇති අතර තැපැල් කාර්යාල ඉදිරිපිට වාඩිවී සිටියදීම මියගොස් ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත් වූ පියාගේ මෘතදේහය හදිසි මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඥාතීන්ට භාරදී තිබේ.
268









