ජේආර් ජයවර්ධන ජනාධිපති යටතේ අගමැති ධුරය දැරූ රණසිංහ ප්‍රේමදාස හට “අගමැති හාමුදුරුවෝ“ යනුවෙන් හැඳින්වීමට සිදු වී තිබූ බව මුල් වරට අනාවරණය කර තිබේ.
නුවරඑලිය අගමැති නිල නිවසේ සූපවේදියෙකු ලෙස සේවය කළ එස්. ඩබ්ලිව්. පී. හේමපාල මේ බව දේශය පුවත්පතට හෙළි කර තිබිණි. අද (25) “එතුමිය වලව්වේ හාමුදුරුවෝ – එතුමා අගමැති හාමුදුරුවෝ“ යන සිරස්තලයෙන් පළ කර තිබෙන ලිපියෙන් ඒ බව හෙළි කර තිබේ. එම සූපවේදියා හෙළිකර තිබූ කරුණු උපුටා ගෙන පහත දැක්වේ.
සිරිමාවෝ බණ්ඩාරනායක සම්බන්ධ අත්දැකීම් පැහැදිලි කරන අතර ඔහු තම කතාව ඉදිරියට ගෙන ගොස් තිබුණේ “අපි හැමෝම එතුමියට කතා කළේ වලව්වේ හාමුදුරුවෝ කියලායි. චන්දිකා මැතිනිය මද්දුම හාමු. ඊට අමතරව අපි හාමුදුරුවෝ කියලා ඇමතුව එකම රාජ්‍ය නායකයා ප්‍රේමදාස මහත්තයා. එතුමාටත් අගමැති හාමුදුරුවෝ කියලා තමයි කිව්වේ.“ ආදී වශයෙන් එම තොරතුරු හෙළි කර තිබේ.
මහජනතාවට ඉහළින් සිටි පාලකයන් කෙතරම් පුහු ගරු නම්බු ආමන්ත්‍රණවලට ලොල් වී සිටියේ ද යන්න එම හෙළි කිරීමෙන් පැහැදිලි වේ.










